29 C
Colombo
Saturday, May 4, 2024

කත්මණ්ඩු ගුවන් තොටුපළේ බෝම්බ ගැන දුරකතන ඇමතුම ආ තැන හෙළිවේ

- Advertisement -

බෝම්බ කිහිපයක් අටවා ඇති බවට නාඳුනන පුද්ගලයෙකු විසින් නේපාලයේ කත්මන්ඩු ගුවන්තොටුපළට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ පකිස්තානයේ සිට බව අනාවරණය වී තිබේ.

මෙම දුරකතන ඇමතුම හේතුවෙන් බලධාරීන් විසින් මැයි 04 වන දා කත්මණ්ඩු ත්‍රිභුවන් ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළ පැය කිහිපයකට වසා දැමූ අතර සෝදිසි මෙහෙයුමක් ද කරනු ලැබීය.

නේපාල ගුවන් තොටුපළ බලධාරීන් පවසන ආකාරයට කත්මණ්ඩු භීතියට පත් කළ මෙම ව්‍යාජ බෝම්බ තර්ජන ඇමතුම ලැබී ඇත්තේ පාකිස්තානයෙනි.

පළමු ඇමතුමෙන් පැය දෙකක් ඇතුළත පර්යන්තය තුළ බෝම්බ පිපිරීමක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා පර්යන්ත රාජකාරී කාර්යාලය (TDO) වෙත ඇමතුම් දෙකක් ලැබුණු බව බලධාරීහු පවසති.

දේශිය වේලාවෙන් පළමු වරට උදෑසන 9:40 ට ලැබුණු ඇමතුමෙන් පසුව පසුව ජාත්‍යන්තර අංකයකින් තවත් ඇමතුමක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

අභ්‍යන්තර පර්යන්තය තුළ බෝම්බ 6-7 අතර සංඛ්‍යාවක් සවිකර ඇති බවත් පැය දෙකක් ඇතුළත එය පිපිරෙන බවත් පවසමින් එම පුද්ගලයාම දෙවැනි ඇමතුම ලබාදුන් බවත් පැවසේ.

ඒ අනුව ගුවන්තොටුපළ බලධාරීන් ආරක්‍ෂක අංශවලට දැනුම් දී පර්යන්තයේ සියලුම ප්‍රදේශ බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ කණ්ඩායම් යොදවමින් හොඳින් පරීක්‍ෂා කිරීමට කටයුතු කරන ලදී.

සියලුම ප්‍රදේශ සෝදිසි කර සොයා බැලූ නමුත් කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ අතර පෙරවරු 11:10 සිට ගුවන් තොටුපළ නැවත ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් පියවර ගැණිනි.

ඇමතුම්කරු “Salam Walekum” කියමින් සංවාදය ආරම්භ කරමින් බලධාරීන්ට අවවාද කරනු ලැබූ බවත් එම පුද්ගලයා නේපාල භාෂාවෙන් කතා කළ පිරිමි අයෙකු බවත් හඳුනාගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...