27 C
Colombo
Tuesday, May 21, 2024

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපයි..!

- Advertisement -

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපා හැරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

එමෙන්ම, වෙනත් රජයේ ආයතනවලින් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු මුල් ආයතන වෙත ආපසු යැවීමටත් වෙනත් ආයතනවලින් ලබාගෙන තිබුණු වාහන 16ක් ආපසු භාරදීමටත් කටයුතු කර ඇති බවත් සඳහන්.

ඒ අනුව කුඩා කාර්ය මණ්ඩලයක් සහ සීමිත සම්පත් භාවිතයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු කරමින් වියදම් කපා හැරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති අතර මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන අනෙකුත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ වියදම් අඩු කිරීමට පියවර ගතයුතු බවත් ඒ සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලන බවත් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් මිලියන 96කුත්, පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 96කුත්, මාර්තු මාසයේදී රුපියල් මිලියන 126කුත් වශයෙන් වියදම් කර ඇති බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වර්ජනය අද

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ කැඳවුම්කරු රවී...

මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු උණ රෝගයකින් මරුට

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) රාත්‍රීයේ මෙම රැඳවියා මියගොස්...

ට්‍රැක්ටරයක් පෙරලී සිසුවෙක් මරුට.පහක් රෝහලට

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරනවා. වට්ටප්පලේ...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...