25 C
Colombo
Wednesday, May 1, 2024

උද්ධච්ච ප්‍රතිපත්ති නිසා බැටකන චීනය

- Advertisement -

COVID-19 රෝගීන්ගේ මෑත කාලීන වර්ධනය  මධ්‍යයේ චීනයේ Hangzhou හීදී සැප්තැම්බර් 10 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

චීන මාධ්‍ය වාර්තා කරන්නේ නව දිනයන් නුදුරු අනාගතයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.

චීනයේ ෂැංහයි නගරය තුල වේගයෙන් පැතිර යන COVID-19  වසංගතයේ නවතම රැල්ල හේතුවෙන්, නගරය අගුලු දැමීමට බළධාරීන් කටයුතු කර ඇති පසුබිමක ආසියානු ක්‍රීඩා උළෙලේ 19 වන දිගහැරුම පිළිබදව පසුගිය සති කිහිපය පුරාම  පැවතුණේ අවිනිශ්චිත වාතාවරණයක්.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (OCA) විධායක මණ්ඩලය පසුගිය දා රැස්වී මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර මෙම තත්ත්වය යටතේ ක්‍රීඩා උළෙල කල් දැමීම හොඳම තීරණය බව එහිදී ප්‍රකාශයට පත් කෙරුණා.

“චීන ඔලිම්පික් කමිටුව (COC) සහ Hangzhou ආසියානු ක්‍රීඩා සංවිධායක කමිටුව (HAGOC) සමඟ සවිස්තරාත්මක සාකච්ඡාවලින් පසුව, OCA විධායක මණ්ඩලය , චීනයේ Hangzhou හි 2022 සැප්තැම්බර් 10 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල කල් දැමීමට තීරණය කළා” යනුවෙන් ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (OCA) විධායක මණ්ඩලය සිය වෙබ් අඩවියේ පළ කරන ලද ප්‍රකාශයක සඳහන් වුණා.

“19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ නව දින OCA, COC සහ HAGOC අතර එකඟතාවයකට පැමිණ නුදුරු අනාගතයේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද නියමිත වේලාවට ක්‍රීඩා උළෙල පැවැත්වීමට Hangzhou ආසියානු ක්‍රීඩා සංවිධායක කමිටුව හොඳින් සූදානම් බව ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ පැවසුවත්, වසංගත තත්ත්වය සහ ක්‍රීඩා උළෙලේ විශාලත්වය හොඳින් සලකා බැලීමෙන් පසුව, සියලුම පාර්ශවකරුවන් විසින් මෙම කළ තැබීමේ තීරණය ගෙන තිබෙනවා.

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ නම සහ ලාංඡනය නොවෙනස්ව පවතිනු ඇති අතර, සියලුම පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නය තුළින් ඉදිරියේදී ක්‍රීඩා උළෙල සම්පූර්ණ සාර්ථකත්වයක් අත්කර ගනු ඇතැයි ආසියානු ඔලිම්පික් කවුන්සිලය විශ්වාසය පළ කරනවා.

ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 61ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් පමණ තරග කිරීමට නියමිතව තිබුණා.

මෙම කල් දැමීම සිදුවන්නේ චීනය ෂැංහයි නගරය වාර්තාගත දෛනික නව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවක් සමඟ පොරබදමින් සිටින අවස්ථාවක වන අතර එය ක්‍රීඩා සත්කාරක නගරයක් වන Hangzhou නගරයේ සිට කෙටි දුම්රිය ගමනකින් පසු ලගා විය හැකි නගරයක්.

Zhejiang පළාතේ අගනුවර වන Hangzhou, Shanghai සිට කිලෝමීටර් 175ක් පමණ නිරිත දෙසින් පිහිටා තිබෙනවා.

නවතම යාවත්කාලීනයට අනුව, Zhejiang පළාත තුල කොඩිව් 19 රෝගීන් 3124 ක් සහ එක් මරණයක් වාර්තා වාර්තා වී ඇති බව චීන වාර්තා පෙන්වා දෙනවා.

මීට අමතරව දෙසැම්බර් 20 සිට 28 දක්වා චීනයේ Shantou හි පැවැත්වීමට නියමිතව තිබූ 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ද අවලංගු කර ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

එබැවින් මීළඟ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල 2025 දී උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හිදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

මේ වසරේ ආසියානු ක්‍රීඩා උළෙල කල් දැමීම මෙන්ම  දැනටමත් චීනය අනුගමනය කරන දැඩි ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ග හේතුවෙන් ගෝලීය ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් වීමේ චීනයේ අභිලාෂයන්ට දැඩි පහරක් එල්ල වී තිබෙනවා.

පාලක කොමියුනිස්ට් පක්ෂය බීජිං හි 2008 ගිම්හාන සහ 2022 ශීත ඍතු ඔලිම්පික්, ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් සහ ගොල්ෆ් තරඟාවලි සහ වාර්ෂික ෆෝමියුලා වන් ග්‍රෑන්ඩ් ප්‍රීක්ස් වැනි තරග සදහා අනුග්‍රහය දක්වන බවට පාරම්බෑවත් විටින් විට එල්ල වූ කොවිඩ් 19 ඇතුළු නොයෙකුත් බධාවන් නිසා ඒවා කල් දැමීමත් සමග ඔවුන් සිය ගෝලීය ප්‍රතිරූපය අවස්ථා කිහිපයකදී පුළුස්සා ගත්තා.

දැඩි කොන්දේසි හේතුවෙන් යම් ජ්‍යාත්‍යන්තර තරගාවලියක් සදහා  පැමිණෙන ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට, බහු කෝවිඩ් පරීක්ෂණ, දුෂ්කර ඇතුළත් වීමේ නීති, අඩු ගුවන් ගමන් සහ කොවිඩ් 19 වැළදුනහොත් දිගු හුදකලා කාල සීමාවන්ට මුහුණ දීමට සිදු වනවා.

අනෙකුත් රටවල් වෛරසය සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නා විට පවා  බීජිං පරිපාලනය හදිසි අගුලු දැමීම්, මහා පරිමාණ පරීක්ෂණ සහ දිගු නිරෝධායන ඇතුළු දැඩි කෝවිඩ් පියවරයන් පවත්වා ගෙන යාමට කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණක්.

ලොවම වෙනත් ප්‍රායෝගික ක්‍රියාමර්ග ගත්තද කොවිඩ් උපතලද බවට සැළකෙන චීනය පමණක් තවදුරටත් කොවිඩ් රෝගය මුළිනුපුටා දැමීමේ zero covid ප්‍රතිපත්තියේම එල්ලී සිටීම විටෙක හාස්‍යජනක තත්ත්වයක්.

එය මේ වනවිට චීන වැසියන්ට එල්ල කර ඇත්තේ දැඩි ආර්ථික, සාමාජීය හා දේශපාලනික බලපෑමක්.

චීනයේ ෂැංහයි පළාතට මේ වන විට යළිත් කොවිඩ් රෝගයේ දැඩි බලපෑම් එල්ල වන්නේ ද මෙවන් පසුබිමක් හමුවේයි.

Covid-19 රෝගීන්ගේ නව ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙන් චීනයේ නගර දුසිම් ගනනක් පූර්ණ හෝ අර්ධ වශයෙන් යළිත් වසා දමා දැමීමට චීන බීජිං පාළන අධිකාරිය පසුගිය දා තීරණය කළා.

ඒ හේතුවෙන් බොහෝ විට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔවුන්ට ඇත්තේද සීමිත ප්‍රවේශයක් පමණයි.

අගුලු දමා ඇති එම නගර අතරින් ෂැංහයි වෙත වැඩි අවධානයක් ලැබී තිබෙනවා.

නගරයේ සමහර ප්‍රදේශවල ආහාර බෙදා හැරීම ජාල බිඳ වැටී ඇති අතර, මේ  නිසා සමහර නිවැසියන් පසුවන්නේ කුසගින්නේයි.

චීනයේ ජනගහනය බිලියන 1.4 ක් තුන්වන වසරටත් Covid සමඟ පොරබදමින් සිටින බැවින්, බොහෝ දෙනෙක් වියදම් අඩු කිරීමට කටයුතු කරමින් සිටින අතර එය ඔවුන්ගේ  ඉතුරුම් අඩු කිරීමට ද හේතු වී තිබෙන බව ජ්‍යාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ මතයයි.

විදෙස් වාර්තා වල දැක්වෙන්නේ චීනය විසින් තම ජනතාව අතර භාවිතය සඳහා විදේශීය mRNA කොවිඩ් මර්දන එන්නත් අනුමත නොකර දේශීය සමාගම් විසින් නිපදවන ලද අඩු ඵලදායී එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ඉඩ සලසා ඇති බවයි.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බීජිං පරිපාලනය දැන්වත් විදෙස් රටවල් නිශ්පාදනය කර ඇති කොවිඩ් මර්ධන එන්නත් සිය රට වැසියාට භාවිත කිරීම සදහා වහාම ඉඩ සැළසිය යුතු බවයි.

ඒ අනුව පෙනී යන්නේ ලොව බලවතා බවට පත්වීමට පාරම්බෑවත් කොවිඩ් 19 තත්ත්වය හමුවේ , එය තෙවන වරටත් පාළනය කර ගැනීමට චීනය මේ වන විට අපොහොසත් වී ඇති බවයි.

එය පසුගිය දා COVID-19 රෝගීන්ගේ  වර්ධනය  මධ්‍යයේ චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබීම හරහාද මැනවින් පසක් වනවා.

ඒ අනුව ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියෙන් මිදී ලෝකය දෙස ඇස් ඇර බැලීමට මේ වනවිට චීනයට කාළය එළැඹ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ෆොක්ස්හිල් ධාවකයන්ට අධිකරණය දුන් නියෝගය

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක්...

අද කාලගුණය වෙනස් වෙන හැටි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (01) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එම දෙපාර්තමේන්තුව අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින්...

කම්කරු දිනය අදයි

කම්කරු ව්‍යාපාරය සිය 138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01) සමරනු ලබනවා. 1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...