33 C
Colombo
Sunday, May 5, 2024

online ඉගැන්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගුරුවරුන්ට බලපෑම් කරයි- ලංකා ගුරු සංගමය

- Advertisement -

සමාජ මාධ්‍ය ඔස්සේ තම  දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ ගුරුවරියකට  එරෙහිව අධ්‍යාපන බලධාරීන් විනය ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය තම විරෝධය පළ කර ඇත.

ලංකා ගුරු සංගමය අදාල  සිදු වීම සම්බන්ධයෙන් කරුණු පවසමින්  ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා  දී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ ගුරුවරියගෙන් නිදහසට කරුණු විමසා ලිපියක් යොමු කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

 ලංකා ගුරු සංගමය පවසන පරිදි  බප/ජය/බුවනෙකබා විද්‍යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරිණියක වන ඩබ්.ජී.ආර්. සුභාෂිණී චූලරත්න වෙත 2020 දෙසැම්බර් 02 දින ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ නිර්මලා කේ.  ඒකනායකගේ අත්සනින් ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ සදහන් වී ඇත්තේ  අදාළ ගුරුතුමියට ආයතන සංග්‍රහයේ විධි විධානවලට අනුකූල නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු නොකිරීමට හේතු ඇත්නම් මෙම ලිපිය ලැබී දින 14 ක් ඇතුළත තමා  වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසන්නේ මේ ආකාරයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ ගුරුවරියගෙන් මෙසේ  නිදහසට කරුණු විමසා ලිපියක් යොමු කිරීම නීත්‍යානුකූල නොවන බවත් කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂවරියගේ අදාල ලිපිය ලිපිය ඉවත් කර ගැනීම කටයුතු කරන ලෙසත්ය.

 රාජකාරියේ යෙදී සිටියදී තමන්ට මුහුණපෑමට සිදු වූ තත්වයක් සම්බන්ධයෙන් තම දුක්ගැනවිල්ල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක වූ සමන්ති පැලකැටියට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව ලංකා ගුරු සංගමයේ ද මැදිහත්වීමෙන් 2012 වසරේ  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ ආකාරය පෙන්වා දී ඇත.

තවද  ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් 2018 ජනවාරි 28 දින එම පෙත්සම සම්බන්ධයෙන් ලබාදෙන ලද තීරණය මගින් රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය ඔස්සේ තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර ඇති බවත් ඒ මහතා පෙන්වා දී ඇත.

තවද එම ගුරුතුමිය ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයට ඇගේ රාජකාරි කටයුත්තක් සඳහා 2020.11.11 දින පැමිණ භාරදුන් ලිපිගොනුව 2020.11.25 දින නැවත ගොස් සොයබැලූ අවස්ථාවේදී ගේට්ටුව අසල බිල්ඩිමේ මේසය මතම තිබූ බව ඇය තම ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂවරිය සමාජ මාධ්‍ය ඔස්සේද දැනුවත් කළ බවත් පෙන්වා දී ඇත.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...