25 C
Colombo
Sunday, May 19, 2024

බන්දුල ආයෙත් බඩුමිල අඩුකරනවලු

- Advertisement -

හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්, ළූණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 10 ක් සඳහා දේශීය නිෂ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගෙන් සැපයුම් මිල ගණන් කැදවීමේ පුවත්පත් දැන්වීමක් මේ මාසයේදී පලකර ඉහළ ගුණාත්මක භාවයෙන් භාණ්ඩ අවම මිලකට මිලදී ගැනීම සදහා වැඩපිළිවෙලක් සකසා අවසන් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මිහින්තලයේ ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන වාණිජ නගරයේ කටයුතු සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ අවම සැපයුම් මිල ගණන් යටතේ ලබාගන්නා නිෂ්පාදනයන් සෘජුවම සතොස, සමූපකාර හා Q-Shop ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ස්ථායිකරණය පෙබරවාරි මස සිට ජූනි මස දක්වා මාස 6 ක කාලයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...