34 C
Colombo
Monday, May 6, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගම‍ රටට බරක්..! – කෝප් සභාපති

- Advertisement -

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස කෝප් කමිටුවේ සභාපති, මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) රජයෙන් ඉල්ලිමක් සිදු කළා.

ඔහු මෙම ඉල්ලීම කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අනුකමිටු තුනක් පත්කළ බවත් එම කමිටුවල වාර්තාද කෝප් වාර්තාවට ඇතුළත් කළ බවත් හෙතෙම සඳහන් කර සිටියා.

එම කමිටු නිර්දේශ කර ඇත්තේද මෙම රාජ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් බරපතළ ලෙස කල්පනා කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, රක්ෂණ සංස්ථාව, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජාතික චිත්‍රපට සංස්ථාව, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල මඟින් ආයෝජනය කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සහ ශ්‍රී ලංකා ගමනා ගමණ මණ්ඩලය යන ආයතන වල කටයුතු පිළිබඳ තොරතුරු ඇතුළත් වන බවද ඔහු පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත හේරත් මහතා,

“ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්ත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනය කරන්න අනුකමිටු තුනක් පත්කළා. විශේඥ කමිටුවත් ඒ වගේම අමාත්‍යාංශය මුල්කරගත්ත රාජ්‍ය පැත්තෙන් මෙහි අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවකුත් ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත මූල්‍ය අරමුණු , අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව කරන ලද සාකච්ඡා තුනක් අපි මේකට ඇතුළත් කළා. සාකච්ඡා තුනේදි අපේ කමිටුවේ නිර්දේශය වුණේ මේ ගරු සභාව මේ රාජ්‍ය ව්‍යාපාරය පිළිබඳව බරපතල ආකාරයෙන් කල්පනා කළ යුතු බවයි. ‍ කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සම්බන්ධ ශ්‍රි ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් විදිහට අප රටේ ජාතික ආර්ථිකයට කරන බලපෑම සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ සභාවට වාර්තාව පිළිගන්වනවා.”


RECENT ARTICLES - SINHALA

පොලිස් නිලධාරින්ගේ සිහිය ගන්න දේශබන්දුගෙන් වැඩසටහනක්

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකල වැඩසටහනක් ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පවත්වා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

වීසා ගැටලුව විවේචනය කළ තරුණයාට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ටිරාන්

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...