27 C
Colombo
Sunday, May 19, 2024

ඉන්ධන, ගෑස්, විදුලි භාවිතය අඩුකරන්න..! – ඇමති බන්දුල

- Advertisement -

ඉන්ධන භාවිතය අඩුකිරීම සඳහා ලබන මාසයේ සිට කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා,

“ඉන්ධන, ගෑස්, විදුලිය යනාදිය සම්බන්ධයෙන් තිබෙන්නෙ අපට සරල ලෙස විසඳාගත හැකි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නෙ අපට ඩොලර් නෑ, ගත්ත ණය වාරික ටික ගෙවන්න හෝ අවශ්‍ය දේ ගන්න ඩොලර් නැතිකම තමයි විදේශ විනිමය අර්බුදය. ඉතින් ඒ අර්බුදයට මුහුණ දීම සඳහා බැංකු ක්‍රමය සමග ගනුදෙනු කරමින් විශාල අරගලයක තමයි රජයේ විදුලිබල හා බලශක්ති ඇමතිතුමා නිරත වෙන්නෙ. කෙටිකාලීනව වෙළඳපොල තුළ පහසු තත්වයන් නිර්මාණය කරගන්න අසීරුයි.

ඒක නිසා ඒ සඳහා විකල්ප ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් එතුමා භාවිතය අඩුකිරීම සඳහා ලබන මාසයේ සිට කෝටා ක්‍රමයකුත් ලබාදීලා, ඒ කෝටා ලබාදීමේදී විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයට වැඩි ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරන්න වෙනවා. තෙල් තියාගෙන නොදී ඉන්නවාවත් තෙල් දෙන්න කියන්න ඉල්ලීම් නොසලකා හරිනවාවත් නෙවෙයි අපි මේ කරන්නෙ. රටේ තියෙන තෙල් ප්‍රමාණය බෙදලා දීලා කොහොමහරි අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට උත්සාහයක් තමයි මේ අමාත්‍යාංශය දරන්නෙ”


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...