32 C
Colombo
Monday, May 6, 2024

ක්‍රිකට් තරඟය බලන්න පැමිණි 4 ක් අත්අඩංගුවට

- Advertisement -

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඊයේ (16) පැවැති ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම නිසා මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස්කරගත්තා.

කෙසේවෙතත් 47 වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා පන්දුවාර 43කදී ඔස්ට්‍රේලියාවට ලැබී තිබූ ඉලක්කය ලකුණු 216 ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 189 ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

කොළ පාට අර්තාපල් කන්න එපා.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලිමක්

උග්‍ර විෂ සහිත බැවින් කොළ පැහැති අර්තාපල් අල මිලට ගැනීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුහු පෙන්වා දෙන්නේ කොළ පැහැති අර්තාපල් අල...

වතු ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැසක් අහිමි වෙලා

රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් රැසක් වතුකරයේ ඇතැම් ජනතාවට නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා...

රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...