32 C
Colombo
Sunday, May 5, 2024

රෝයල් පාර්ක් ඝාතකයාට ජනාධිපති සමාව දෙන්න කෙනෙක් සල්ලි අරන් – මෛත්‍රිපාල

- Advertisement -

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් තමන්ට අනාවරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ ඝාතනයට දඬුවම් ලැබූ පුද්ගලයාට සමාව ලබාදීම වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි පවුලේ සාමාජිකයින් සමග පැමිණි දිගින් දිගටම තමාගෙන් ඉල්ලීම් සිදුකළ බවයි.

“රෝයල් පාර්ක් තරුණයා ගැන දෙමාපියෝයි අතුරලියේ රනත හිමි ඇවිල්ලා ලිපියක් දීලා කතා කළා. මම වැඩිය ඒ ලිපිය ගණන් ගත්තෙත් නෑ. ඊට පස්සේ මම දන්නෙත් නෑ හිටපු ගමන් වරින් වර රනත හාමුදුරුවෝ එනවා ඒ රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක ඇවිල්ලා කියනවා මේක කොහොමහරි කරලා දෙන්න කියලා.”

ප්‍රශ්නය – උන්වහන්සේට තිබුණ උනන්දුව මොකක්ද ඒ ගැන ?

“ඇත්තටම ඉතින් මට කියන්න බෑ, මොකද අර පවුලත් ක්‍රිස්තියානී පවුලක්. ඒ තරුණයා නිදහස් කරන්න මම කොටි 5ක් අරන් තියෙනවා කියනවා. කෝටි 800ක් අරන් කියනවා. කෝටි 500ක් අරන් කියනවා. ඉතින් මම ඒ කාලේ බුද්ධි අංශෙශෙහත්වරුන්ට කිව්වා මෙන්න මේ විදියේ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයා නිදහස් කරපු එක ගැන මම විශාල මුදලක් ගත්තා කියලා ඒ නිසා මේ ගැන ටිකක් හොයන්න කියලා. පස්සේ හොයාගෙන යනකොට ඒ පවුලේ අය යම් මුදලක් කාටහරි දීලා තියෙනවා. මමනං සතපහක්වත් ගන්නෙත් නෑ… ගත්තෙත් නෑ…”

ප්‍රශ්නය – ඒ අරගෙන තියෙන අය තමයි බොහෝ සේ උනන්දුවෙලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන් ද?

“ඔව් ඉතින් උනන්දුවෙලා තියෙන්නේ ඒ අය කියලා කියන්නත් පුළුවන්.”

2005 වසරේ ජූනි 30 වෙනිදා රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනුණා.

ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් සිද්ධිය වූ දින ඇඟලා සිටි ඇඳුමකින් ගෙල සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණා.

ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ජූඩ් ඇන්තනි ජයමහට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරුණා.

එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නා.

පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නා.‍

අධිකරණ දෙකකින් මරණ දඩුවම ලබාසිටි ජූඩ් ඇන්තනි ජයමහ හට නිදහස ලබාදීමට 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතා විසින් කටයුතු කළා.

එම තීරණයට සමාජයෙන් දැඩි විරෝධයක් එල්ලවූ අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එය ජාත්‍යන්තර වශයෙන්ද කළු පැල්ලමක් එක්කළා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...