27 C
Colombo
Friday, May 3, 2024

රෝයල් පාර්ක් ඝාතනය: මෛත්‍රීපාලගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රතන හිමි CID යයි

- Advertisement -

රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළ ප්‍රකාශයකට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

පසුගියදාරූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ රෝයල් පාක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස රතන හිමියන් ඉල්ලීමක් කළ බවයි.

එමෙන්ම, එම ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වැඩකටයුතු කිරීම සඳහා යම් අයෙක් මුදල් ලබාගත් බවට බුද්ධි අංශ වාර්තා සඳහන් කළ බවත් හිටපු ජනපති එහිදී පවසා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වු රතන හිමියන්,

“ජූඩ් ශාමන්ත ජයමහ යන පුද්ගලයාව නිදහස් කරන ලෙස නියෝග කළේ, විශේෂයෙන්ම බන්ධනාගාරය මුල්කරගෙන පවතිනවා විශේෂඥ කමිටුවක්. ඒකට හිටපු නඩුකාරවරු, නීතිඥයින්, මනෝ වෛද්‍ය විශේෂඥවරු ඇතුළු ඇතුළු පිරිසක් තමා මේ පරීක්ෂණය කරන්නේ. එහිදී තමා මේක නිර්දේශ වුණේ. මොහුව මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරලා, ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ, ඔහුට මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේ මේ විශේෂඥ කමිටුව.

විශේෂයෙන්ම මේ පවුලේ අය මා වෙත යොමු කළේ අපවත් වී වදාල මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මම කල්පනා කළා අපි සියලුදෙනාම නිදහස් වෙන්න ඕනේ. අනිත් එක ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා අපි නෙමෙයි ඉල්ලුවේ ප්‍රධාන වශයනේම. ඒක බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආශ්‍රිතව තියෙන විශ්‍රාමලත් නඩුකාරවරු, මනෝ වෛද්‍ය, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ මණ්ඩලයක් තමයි ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා ඉල්ලුවේ.

අපි මේක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ, අවසාන වශයෙන් මේ නිදහස ලැබෙන්නේ ජනාධිපතිතුමාගේ අත්සන නිසා. වක්‍රාකාරයෙන් යම් චෝදනාවකට අපි ගොනුවන නිසා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම අද පැමිණිල්ලක් කළා”


RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...