33 C
Colombo
Friday, May 3, 2024

කහ පාට නාඩගමට මාලිංගගෙන් කණේ පහරක්

- Advertisement -

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ සැලකීමේ මුවාවෙන් සිදුකිරීමට නියමිත කහ පැහැති ඇදුමක් ප්‍රවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වැඩසටහනක් හෙට දිනයේ බොහෝ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයන්ගේ අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතයි.

මේ අතර දෙරණ මාධ්‍ය නාලිකාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග හට දුරකතන ඇමතුමක් ලබාගෙන අදාළ කහ පැහැති කෘතගුණ සැලකීමේ වැඩසටහනට සුදු හුණු ගෑමට උත්සහ කර තිබෙනවා.

ඊට කදිම පිළිතුරක් දෙමින් ලසිත් මාලිංග පවසන්නේ එම නාලිකාවෙන් කියන තුරු තමන් එවන් දෙයක් නොදැන සිටි බවයි.

එමෙන්ම ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටීම හා ඕස්ට්‍රේලිායනු කණ්ඩායම මෙරටට පැමිණීම අතර වෙනසක් පවතින බව දෙරණ නාලිකාවේ රයන් උද්දිට ලසිත් මාලිංග පෙන්වා දෙනවා.

මීළඟට පකිස්ථානු කණ්ඩායම මෙරටට පැමිණෙන බවත්, ඉන් අනතුරුව ආසියානු කුසලාන තරඟ මාලාව පැවැත්වෙන බවත් ඒ අනුව කතෘගුණ සලකන විට කවමදාකවත් නිල් පැහැති ශ්‍රී ලංකා ඇදුම ඇදීමට නොහැකි වන බවත් ලසිත් මාලිංග පවසනවා.

නිවේදකයා යළි යළිත් උත්සහ කරනුයේ මෙම කහ පැහැති ඇදුම පිළිබදව කිසියම් හෝ ධනාත්මක පිළිතුරක් ලසිත් මාලිංගගෙන් ලබාගැනීමටයි.

කෙසේවෙතත් ලසිත් මාලිංග අවසාන වශයෙන් පවසන්නේ සමාජ මාධ්‍යවල යන සියලුදේටම පිළිතුරු දීමට තමන් කැමැත්තක් නොදක්වන බවයි.


RECENT ARTICLES - SINHALA

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...