32 C
Colombo
Sunday, May 5, 2024

සාහිත්‍යයට ආ පිරිමි ගුරුවරයා විශාඛා විදුහල්පතිනිය එලවලා

- Advertisement -

උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම සඳහා විශාඛා විද්‍යාලයට පැමිණි ගුරුවර‍‍ෙකු එම විද්‍යාලයට නුසුදුසු බව පවසමින් කොළඹ විශාඛා බාලිකාවේ විදුහල්පතිනිය එම ගුරුවරයාව ප්‍රතික්‍‍‍ෂේප කර ඇත.

මෙම ගුරුවරයා මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට වාර්ෂික ස්ථාන මාරු යටතේ මෙම විදුහලට ජනවාරි 04 දින පැමිණ ඇත. විශාකා ිද්‍යාලයට පැමිණි අදාල ගුරුවරයා බුලත් හුරුල්ලක් දී තමන්ගේ මාරුවීම් ලිපිය විදුහල්පතිනියට පිළිගැන්වූ අවස්ථාවේ දී “ ඔයාට මෙහෙ ඉඩ නැහැ. සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්න පිරිමි ගුරුවරයෙක් සුදුසු නැහැ” කියමින් එම ලිපිය තමන් වෙත දමා ගැසූ බවට එම් ගුරුවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

එමෙන්ම විදුහලේ ආරක්ෂකයන් යොදවා තමන් විදුහලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනිය කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වන අතර ඒ පිළිබඳව එම ගුරුවරයා බම්බලපිටිය පොලිසියටද පැමිණිලි කර ඇත.

මෙම ගුරුවරයා විශාඛා විදුහලට පැමිණ ඇත්තේ අමාත්‍යාංශයේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනුව ය.

මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පත කළ විමසීමකදී විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොල මෙසේ පවසා ඇත. “උසස් පෙළ සිංහල විෂයය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරයකු පැමිණ නැහැ. ඒ විෂයයේ කාන්තා වර්ණනා තියෙනවා. ඒ වර්ණනා උගන්වන්න තරම් පෞරුෂයක් මේ ගුරුවරයාට නැහැ” 

මෙම ගුරුවරයා පාසලට ස්ථාන මාරු නොකරන ලෙස තමන් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව කී විදුහල්පතිනිය එම ඉල්ලීම ගුරුමාරු මණ්ඩලය පිළිගෙන නැතැයි ද මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ලේකම්වරයාට පැහැදිලි කර දුන් බවත් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...