32 C
Colombo
Tuesday, May 7, 2024

අත්පත් කරගත් ගොඩනැගිලිවලින් අරගලකරුවන් ඉවත් වෙති

- Advertisement -

අත්පත් කරගත් ගොඩනැගිලිවලින් ඉවත්වීමට තමන් තීරණය කළ බව  නිර්පාක්ෂික අරගලකරුවන් පවසනවා.

තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කරගැනීමට සිදුවූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බවත්, මේ වන විට ජනාධිපතිවරයා රටින් ද පලා ගොස් ඇති බවත් අරගලකරුවන් නියෝජනය කරමින් ළහිරු වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ගාලුමුවදොර පිහිටි ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ අද වන විට ලොව කිසිම රටක් භාර නොගන්නා ජනාධිපතිවරයෙක් බවට පත්ව ඇතිබවත්   රනිල් වික්‍රමසිංහ ද තමන්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් මිනී මරන ලද නායකයෙක් හා රටට කිසිම දෙයක් නොකළ අගමැතිවරයෙක් ලෙස ඉතිහාසගතවීමට නියමිත බවත් ඔහු පවසනවා.

අරගලය ආපස්සට නොගෙන අඛණ්ඩව පවත්වාගෙන යන බව කී වීරසේකර මහතා මෙම ගොඩනැගිලිවලින් ඉවත්වෙන්නේ ඒවා මහජන දේපල බවට පත්කරලමින් බව ද සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන...

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව...

ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. කොල්ලුපිටිය පාසල් මාවත...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...