33 C
Colombo
Friday, May 3, 2024

සජිත්, ඩලස්ගේ අගමැති?

- Advertisement -

ජනාධිපතිවරණයට තරග කිරීමෙන් තමා ඉවත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ, නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ පවසා සිටියා.

මීට පෙර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද සිය අපේක්ෂකත්වය ඉල්ලා අස් කරගැනීමට සූදානම් වූ නමුත් ඉල්ලා අස්කර නොගත් බැවින් මේ වන විට ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ සටනේ ඉතිරිව ඇත්තේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක සහය සහිතව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එහි නායක රනිල් වික්‍රමසිංහ පමණයි.

කෙසේනමුත්, සිය සහය ඩලස් අලහප්පෙරුම හට ලබා දෙන බව පාර්ලිමේන්තු ආසන 50ක් හිමි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීමත් සමඟ ජනපති සටන ගෙන ඇත්තේ උණුසුම් මුහුණුවරක්.

මේ අතර, ජනාධිපතිවරයා තෝරාගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම ඡන්දය පල කරන බව එහි මහලේකම් දයාසිරි ජයසේකර පවසනවා.

ඩලස්, සජිත් සහ අනුර යන තිදෙනා සාකච්ඡා කොට සහයෝගීතාවයකට පැමිණියහොත් එක් අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වයත්, තවකෙකුට අග්‍රාමාත්‍ය ධුරයත් බෙදාගත හැකිවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අයුරින් බලන කල ඡන්ද 50කින් ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා වුවහොත් ඔහුට හට සහය ලබා දෙන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හට අග්‍රාමාත්‍ය ධුරය හිමිවීමට විශාල ඉඩකඩක් ඇති බව විශේෂඥයන් පවසනවා.


RECENT ARTICLES - SINHALA

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...