අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන හතර වෙනි තට්ටුවේ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් 09 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.
එම ආසාදිතයන් අතර නිතිඥ හිජාස් හිස්බුල්ලා සහ කොස්ගොඩ තාරක සිටින බව වාර්තා වේ.
මෙම පුද්ගලයන් 09 දෙනා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ පොදු වැසිකිලි පාවිච්චි කිරීමෙන් බවත් ඔහුන් සියළු දෙනාව මේ වන විට කළුතර, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇත.
තවද අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සිටින තවත් සැකකරුවන් සහ නිලධාරීන් කිහිපදෙනෙකු හට අද දින පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.
සබැදි පුවත්