33 C
Colombo
Friday, May 3, 2024

මහ මැතිවරණයක් කැඳවා මහා විනාසයක් වළක්වා ගන්න..! – සුමන්තිරන්ගෙන් රතු එළියක්

- Advertisement -

රටේ ජනාධිපතිවරයාගේ පත්වීම සදාචාරාත්මක නොවන බවට ජනතාව තුළින් විශාල විරෝධයක් පැන නැගී ඇති නිසා වහාම මහ මතිවරණයක් පවත්වා නව රජයක් ඉතාම ඉක්මනින් පිහිටුවිය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසනවා.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරයා වීම කෙරෙහි ජනතාවගේ විශාල අප්‍රසාදයක් පවතින බවයි ඔහු පවසන්නේ.

එම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද ජනතා වරමකින් ලබා ගත් එකක් නොවන නිසා මේ විරෝධය ඉතා විශාල වී රට තුළ යළිත් අරගලකාරී ස්වරූපයක් හට ගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් වීමත් සමගම ගාලු මුවදොර අරගලය පැවති ස්ථානයේ සිදු වූ සෑම ක්‍රියාවක්ම නීතියට පටහැනි මෙන්ම ඉතා ම්ලේච්ඡ ස්වරූපයක් ගත් බවත් පවසන මන්ත්‍රීවරයා නීතිය තුළ එවැනි සිදුවීම්වලට කෙසේ හෝ ඉඩක් නොමැති බවද සදහන් කරනවා.

එබැවින්, ජනතා අරගලයන් තවත් උත්සන්න වීමට පෙර මහ මැතිවරණයකට ගොස් නව රජයක් පිහිටුවා ගැනීම ඉතාම වැදගත් බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...