25 C
Colombo
Thursday, May 9, 2024

ඉන්දියාවේ ආදිත්‍ය බිර්ලා ඇමරිකාවේ ඇලුමිනියම් තැනීමට යයි

- Advertisement -

ඉන්දියාවේ දැවැන්ත ව්‍යවසායකයෙක් වශයෙන් ප්‍රකට ආදිත්‍ය බිර්ලා අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ දැවැන්ත ඇලුමිනියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් මෙම ඇලුමිනියම් ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඔහු සැලසුම්කර ඇතැයි අදාළ වාර්තා පෙන්වා දෙයි.

ආදිත්‍ය බිර්ලා සතු දැවැන්ත වානේ නිෂ්පාදන සමාගම වන හින්ඩැල්කෝ ආයතනය විසින් එම ඇලුමිනියම් කර්මාන්තශාලව ඇලබාමා හි ආරම්භකර ඇතැයි පැවසේ.

ලෝකයේ විවිධ රටවල ස්වකීය ව්‍යාපාර සිදුකරනු ලබන ආදිත්‍ය බිර්ලාගේ සමාගම් ජාලය තායිලන්තයේ රෙදි පිළි සම්බන්ධ ව්‍යාපාරයක් සාර්ථකව සිදුකරනු ලබන්නේ 1960 වසරේ සිටය.

එම කාලයේදීම මැලේසියාව කේන්ද්‍ර කරගනිමින් පාම් තෙල් ව්‍යාපාරයක් ආරම්භ කර එය අති සාර්ථකව පවත්වාගෙන යනු ලැබේ.

ඇලබමා හි ආරම්භ කරනු ලබන ව්‍යාපෘතිය මෙම ඉන්දීය ව්‍යවසායකයාගේ ව්‍යාපාර ලෝකයේ දැවැන්ත වෙනස් වීමක් හා මහා පරිමාණ ආයෝනයක් ලෙස සැලකෙයි.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...