32 C
Colombo
Tuesday, May 7, 2024

’43 කණ්ඩායම’ට වෙනම යන්න චම්පික අවසර පතයි

- Advertisement -

සමගි ජනබලවේග සන්ධානය යටතේ වෙනම බලවේගයක් හැටියට ක්‍රියාත්මකවීමට අනුමැතිය දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ඇතුළු හිටපු හෙළඋරුම කණ්ඩායම එහි නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව අදාළ ඉල්ලීම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මගින් එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් අදාළ ඉල්ලීමට මේ වනතෙක් සමගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී නැතැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් ‘News 19ට’ පැවැසීය.
ඊට හේතුව චම්පික රණවක කණ්ඩායම වෙනම බලවේගයක් හැටියට කටයුතු කිරීමට ඇතැම් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් විරුද්ධවීම යැයි ද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී හිටපු හෙළ උරුම කණ්ඩායමේ සාමාජිකයකු පැවැසුවේ පෙබරවාරි මාසය වනවිට තමන් 43 කණ්ඩායම නමින් වෙනම බලවේගයක් නිල වශයෙන් එළිදක්වන බවය.

RECENT ARTICLES - SINHALA

උමා ඔයේ වාසිය ජුලි මාසයේ දී විදුලි බිලට

ජනතා අයිතියට පත් කෙරුණු උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි...

විමල් දුක වෙලා

තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි...

මන්ත්‍රී ජගත්ගේ ගෙදර ලයිට් කපලා

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...