32 C
Colombo
Sunday, May 5, 2024

මියන්මාරයට එරෙහි පීඩනය තීව්‍ර කරන ලෙස එක්සත් ජනපදය චීනයෙන් ඉල්ලයි

- Advertisement -

මියන්මාරයේ මිලිටරි පාලනය විසින් පසුගියදා එරට හිටපු නීති සම්පාදකයෙකු සහ ප්‍රමුඛ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු ඇතුළු සිරකරුවන් හතර දෙනෙකු මරා දැමීමෙන් පසු එහි මිලිටරි ආණ්ඩුවට එරෙහි පීඩනය වැඩි කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ චීනයට වෙනත් ඕනෑම රටකට වඩා මියන්මාරයට බලපෑම් කළ හැකි බවයි.

කෙසේවෙතත්, චීනය දිගින් දිගටම අවධාරණය කර සිටින්නේ වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවයි.

මියන්මාර හමුදා රජය පසුගියදා ප්‍රකාශ කළේ, 1976 න් පසු රටෙහි පළමු නිල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී නෙරපා හරින ලද නායිකා අවුන්සාන් සුකීගේ දේශපාලන පක්ෂයේ හිටපු සාමාජිකයෙකු ඇතුළු සිරකරුවන් හතර දෙනෙකු මරා දැමූ බවයි.

හමුදා ආණ්ඩුවේ ප්‍රකාශක ෂා මින් මෙහිදී සදහන් කළේ මෙම සිව්දෙනාගේ දඬුවම අනෙකුත් මරණ දණ්ඩන නඩු සමඟ සංසන්දනය කළහොත්, ඔවුන් බොහෝ වාරයක් මරණීය දණ්ඩනය ලබා දිය යුතු අපරාධ කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...