33 C
Colombo
Sunday, May 5, 2024

පාස්කු ප්‍රහාරය: රනිල්ව නිදහස් කරන්න එපා – අගරදගුරුගෙන් ඉල්ලීමක්

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළ නඩු විභාගයෙන් තමා නිදහස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු හිමියන් අද (02) ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම නඩු කටයුතුවලින් අනිවාර්යයෙන් ම නිදහස් කළ නො හැකි බවයි.

කොළඹ අගරදගුරුතුමා වෙනුවෙන් මෙම පෙත්සම, ජනාධිපති නීතිඥ ෂම්මිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළා.

මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක 8 වැනි වගඋත්තරකරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණා.

2019 අප්‍රේල් 21 වන දින, පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටි බවත්, ඔහුගේ නිහඬ ක්‍රියා කලාපය හේතුවෙන් අදාළ ප්‍රහාරයේ වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇති බවත්, අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් ජනාධිපතිවරයාව අදාළ පෙත්සමේ 57 වැනි වගඋත්තරකරු ලෙස නම් කර තිබෙනවා.

කොළඹ අගරදගුරුතුමා සිය පෙත්සමේ වැඩි දුරටත් සඳහන් කරන්නේ, 126 ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අධිකරණ බලය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රථම වරට හඳුන්වා දුන් බවත් ඉන් අනතුරුව 20 වැනි සංශෝධනය යටතේ ද එවැනි අධිකරණ බලය ව්‍යවස්ථාදායකය විසින් ආරක්ෂා කර ඇති බවයි.

අදාළ පෙත්සම මගින් අගරදගුරුතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් සහ අතපසුවීම් විමර්ශනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය මගින් බලය පැවරී ඇති බවයි.

එසේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ක්‍රියාදාමයෙන් නිදහස් කිරීම ඒ අනුව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 7 සහ 8 වගන්තිවලට සෘජුව ම පටහැනි බව කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහි දී වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...