32 C
Colombo
Sunday, May 5, 2024

පාර්ලිමේන්තුවේ පොදු දේපළ විනාශ කිරීම රටේ සාමාන්‍ය නීතියට යටත් නෑ – ඇමති බන්දුල

- Advertisement -

පාර්ලිමේන්තුව තුළ සිදුවන කඩාකප්පල්කාරී සිදුවීම් හෝ දේපල විනාශ කිරීම් හෝ සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මන්ත්‍රීවරුන්ගේ එවැනි කටයුතු සම්බන්ධයෙන් අධිකරණයකදී ප්‍රශ්න කිරීමට හෝ නොහැකි බවයි ඇමතිවරයා ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

පාර්ලිමේන්තුව සිදුවන දේපළ හානි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවිය යුත්තේ පාර්ලිමේන්තුව හරහාම බවත්, ඊට අදාල සියලු බලතල කතානායකවරයා සතු බවත් පෙන්වා දෙන බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ කතානායකවරයා පියවර නොගන්නේ නම් ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ හැකි බවයි.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පසුගිය මාස කිහිපය පුරා පැවති අරගලයට සම්බන්ධ වූ පුද්ගලයන් පොදු දේපල පනත යටතේ දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා මෙම කරුණු සඳහන් කර සිටියා.

අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවල තිබූ භාණ්ඩවලට හානි සිදු කිරීම ඇතුළු විවිධ චෝදනා යටතේ අරගලකරුවන් විශාල පිරිසක් මේ වනවිටත් අත්අඩංගුවට පත්ව සිටින අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොදු දේපල පනත යටතේ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූලව සිදුවන බවයි. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් එකී පනත යටතේ කටයුතු කළ නොහැකි බව‍යි ඇමතිවරයා අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...