30 C
Colombo
Saturday, May 4, 2024

අරගලයට සහය දුන් විදේශීය තරුණියගේ වීසා බලපත්‍ර අවලංගුයි

- Advertisement -

ගෝල්ෆේස් අරගල පිළිබදව සිය Instagram ගිණුම ඔස්සේ වාර්ථාකරණය කල ස්කොට්ලන්ත ජාතික Kayleigh Fraser ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ.

ඇය මෙරට රැඳී සිටියේ වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා බලපත්‍රයක් යටතෙයි.

ඒ අනුව MED 002918 දරන ඇයගේ වෛද්‍ය හේතූන් මත නිකුත් කර තිබූ ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කරන බව දැක්වෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම් දීම ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.

ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන සහ විගමන නිලධාරින් විසින් මීට පෙර හේතුවක් නොදන්වා සිය භාරයට ගත් බව ඇය වාර්තා කර තිබූ අතර විදෙස් මාධ්‍යය ද ඒ පිළිබඳව වාර්තා කර තිබුණා.

“ මම විදේශිකයන්ට එන්න කියනවා ඇවිත් අරගලයට සහභාගිවෙලා ජනාධිපතිට, අගමැතිට ගෙදර යන්න කියලා බෝඩ් අල්ලන් ඉන්න කියලා , ඔවුන්ට ඇවිත් කැමති දෙයක් කරන්න පුළුවන් “ යනුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ සිටියදී ජාත්‍යන්තර මාධ්‍ය අමතා පැවසූ පරිසරයක මෙය සිදුවීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...