33 C
Colombo
Sunday, May 5, 2024

රනිල්ව ගෙදර යවනවා කිව්වට අගෝස්තු 09 ගෙදර ගියේ අරගලකරුවන්..! – ජානක

- Advertisement -

අගෝස්තු 09වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ගෙදර යවන බවට අරගලකරුවන් පැවසුවද සැබවින්ම ගෙදර යාමට සිදුවූයේ අරගලකරුවන්ට බව රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර පවසනවා.

ඒ, ඊයේ (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවමත් ජන බලයක් පවතින බවත් තම පක්ෂය මැතිවරණ වලට කිසිසේත්ම බිය නොවන බවත් ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

“දැන් මේ කවුරුහරි හිතනවා නම් අපි ඡන්ද කරන්න බයයි කියලා, එහෙම අපේ කිසිම බයක් නෑ. දැන් කියනවා මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ කියලා. 2020 අගෝස්තු 05 වෙනිදා තමයි ඡන්දෙ තිබ්බෙ. අවුරුදු පහකට ජනතාව බලය දීලා තියෙනවා, තවම අවුරුදු දෙකක්වත් ගිහින් නෑ පාර්ලිමේන්තු කාලය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලපු සියලු දෙනාටම හැට අට ලක්ෂ පනස් දෙදාස් හයසිය අනූවක් ඡන්ද හම්බුණා. මැයි 09 මහින්ද රාජපක්ෂ මැතිතුමා අයින් වුණා. ජුනි 09 බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යාංශයෙන් අයින් වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජුලි 09 අයින් වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගෝස්තු 09 ගෙදර යනවා කිව්වා, හැබැයි අරගලයේ ඉඳපු කට්ටිය එදා ගෙදර ගිහින් තියෙනවා. ඉතින් වර්තමාන ජනාධිපතිතුමාට මේ රටේ ප්‍රශ්න විසඳන්න අපට දෙන්න පුළුවන් සහයෝගය දෙනවා”

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...