30 C
Colombo
Tuesday, May 7, 2024

පාසල් ළමුන්ට ගංජා බෙදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

පාසල් ළමුන් ඉලක්ක කර කංසා අළෙවි කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකි.

සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් පාසල් ළමුන් වෙත ගංජා අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී තලවතුගොඩ සාලින්ද දිසානායක මාවතේදී සැකකරු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම්122යි මිලිගෑම් 710 ක් සහ විද්‍යුත් තරාදියක් සමඟ මුදලින් රුපියල් 13,500ක්ද සොයාගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු තලංගම පොලීසියට භාරදී ඇත.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව අප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව...

නව වෛද්‍ය ආඥා පනත පාර්ලිමේන්තුවට

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු...

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්,ඔවුන්ගේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 11.30ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...