32 C
Colombo
Saturday, May 4, 2024

චීනයට කාලගුණ විපර්යාසයෙන් පීඩා

- Advertisement -

නිරිතදිග චීනයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

චීනයේ සිචුවාන් පළාතේ පිහිටි පෙන්ග්ෂු නගරය ආසන්නයේ පිහිටි ගංගාවක් නැරඹීමට පැමිණි පිරිසක් මෙම අවසනාවන්ත තත්ත්වයට මුහුණ දී ඇති බව සඳහන්.

ගංගාවේ ජල ක්‍රීඩා කරමින් විනෝදවෙමින් සිටියදි එකවර ජල මට්ටම ඉහළ යාමත් සමග එහි සිටි පිරිස් ගොඩබිම දෙසට දිව ගියත් ඇතැම් පුද්ගලයින් වේගවත් දිය පහරට හසුවී ගසා ගෙන ගොස් ඇති බව වාර්තා විය.

මේ අතර චීනයේ ඇතැම් ප්‍රාන්තවල උෂ්ණත්වය සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් එරට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ ගෝලීය කාලගුණ විපර්යාසන් හේතුවෙන් චීනයට දැඩිව බලපෑම් එල්ලවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...