27 C
Colombo
Monday, May 6, 2024

ඩොලර් හිඟය හමුවේ පාකිස්ථානය ව්‍යාපාරික ප්‍රජාවට ආයාචනයක්

- Advertisement -

සෑම සමාගමක් සිය නිෂ්පාදන වලින් සියයට 10ක ප්‍රමාණයක් අපනයනය කිරීමට උත්සහ කළ යුතු බව පාකිස්ථානයේ මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පවසයි.

දැඩි මුල්‍ය හිඟයකට ලක්ව සිටින පාකිස්ථානයට සිය විදේශ විනිමය අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙම ක්‍රමය අනුගමනය කළ යුතුව ඇති බව ද මුදල් අමාත්‍යවරයා ඉස්ලාමාබාද් හි පැවති දේශීය ව්‍යාපාරික සමුළුවක් අමතමින් ප්‍රකාශ කර ඇත.

“දේශීය සමාගම් විසින් අපනයනය සඳහා කටයුතු සුදානම් කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සෑම සහයෝගයක්ම ලබා දීමට රජය කැපවී සිටින” බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අපනයන වෙළඳපළ ඉලක්ක කරගත් කාර්මිකකරණයකින් තොරව රටට ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

කෘෂිකාර්මික භූමියක් වන පාකිස්තානයට මේ වසරේ මේ දක්වා වූ කාල සීමාව තුලදී තිරිඟු ටොන් මිලියන 1.1 ක් ආනයනය කිරීමට සිදුව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ ගැටලු විසඳීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව ද ඔහු පවසයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...