27 C
Colombo
Monday, May 6, 2024

යාපනය විශ්වවිද්‍යාල ස්මාරකයට යළි මුල්ගල තබයි

- Advertisement -

කඩාබිඳ දැමුණු යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදි කිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) උදෑසන සිදු කෙරිණි.
ඒ සමඟ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආරම්භ කර තිබුණු මාරාන්තික උපවාසය ද එම සිසුහු අවසන් කළහ. යාපනය විශ්වවිද්‍යාල උපකුලපතිවරයා හා උපවාසයේ නිරත වූ සිසුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව සිසුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට උපකුලපතිවරයා එකඟ වී තිබේ.
එම සාකච්ඡාවෙන් පසුව මාරාන්තික උපවාසයේ නිරතව සිටි සිසුන්ට උපකුලපතිවරයා විසින් කැඳ ලබාදී උපවාසය අවසන් කරනු ලැබීය. ඉන්පසුව උපකුලපතිවරයා හා එක්ව එම සිසුහු කඩාබිඳ දැමුණු ස්මාරකය පැවති ස්ථානයේම අලුත් ස්මාරකයක් ඉදි කිරීමට මුල් ගල් තැබූහ.
යුද්ධයෙන් මිය ගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සේවකයන් නිලධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය පසුගිය 08 වනදා රාත්‍රියේ එම විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ උපදෙස් මත කඩාබිඳ දැමීය.
එයට දැඩි විරෝධයක් දැක්වූ එම විශ්වවිද්‍යාල සිසුන් එදින රාත්‍රියේ සිට අද උදෑසන දක්වා මරාන්තික උපවාසයක නිරත වුහ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...