25 C
Colombo
Sunday, May 19, 2024

චීනයෙන් වාර්තා වූ නව වෛරසය පිළිබඳ පුළුල් පර්යේෂණ අවශ්‍ය ඇයි ?

- Advertisement -

මිනිසාට ආසාදනය වන කුඩා වෛරසයක් පිළිබඳ අනාවරණය කරමින් විද්‍යාඥයින් පිරිසක් පළ කළ වාර්තාව සිහි කැඳවන්නේ වසර දෙකහාමාරකට පෙර අතීතයයි.

නව රෝගකාරක වෛරසයක්. උණ, කැස්ස, තෙහෙට්ටුවෙන් පෙලෙන රෝගීන්. මිනිසුන්ට සහ සතුන්ට ආසාදනය වේ. ලෝකයම බියට පත් කළ දින සති මාස ගණන් නිවෙස්වලට කොටු කළ හුරුපුරුදු වචන පෙළක්
Langya henipavirus නම් නව වෛරසය ගැනයි විද්‍යාඥයින් වාර්තා කළේ. එය සිහි කැඳවන්නේ කොවිඩ් 19 මුල් අවදියයි.
හාවර්ඩ් මහජන සෞඛ්‍ය පිළිබඳ ටී එච් චාන් හි දේශගුණය, සෞඛ්‍ය සහ ගෝලීය පරිසරය පිළිබඳ මධ්‍යස්ථානයේ අන්තර්වාර අධ්‍යක්ෂ Ari Bernstein පවසන්නේ “මෙය රෝග කාරකයක් සතෙකුගෙන් පුද්ගලයෙකුට ගමන් කිරීම සඳහා තවත් උදාහරණයක් වන අතර, අප දන්නා පරිදි, ලෝකයේ මතුවන ආසාදන බොහොමයකට මූලික හේතුව එය.” බවයි.
නමුත් අලුතින් සොයාගත් වෛරස් සම්බන්ධයෙන් ගත් කල, සමහර ඒවා අනෙක් ඒවාට වඩා වැඩි සැලකිල්ලක් දක්වන අතර, සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන සෑම අවස්ථාවක්ම දැවැන්ත පැතිරීමක් හෝ වසර ගණනාවක් පුරා පවතින වසංගත ඇති කිරීමට හේතු වන්නේ නැහැ.

කෙසේ වෙතත්, බොහෝ දෙනෙක් විද්‍යාත්මක ලෝකය තුළ අවධානයෙන් සිටීම වැදගත්. ඒ වැඩි ධාරක යනු වෛරසයක් විකෘති වීමට වැඩි අවස්ථාවන් නිසා, ආසාදනය කිරීමට, සම්ප්‍රේෂණය කිරීමට සහ පැතිරීමට නව ක්‍රම විවර විය හැකි බැවිනුයි.
Langya නවතම උදාහරණය සමඟින්, ඉදිරි වසරවලදී, මෙවැනි තවත් වෛරස් මිනිස් ජනගහනය තුළට පැතිරීමට ඇති අවස්ථා පිළිබඳ ලෝකය සූදානම් විය යුතු බව විද්‍යාඥයින් පෙන්වා දෙන්වා.
“මිනිසුන් තුළට සම්ප්‍රේෂණයට හේතු වූ වෛරසයක් ඇති බව සහ වෙනත් විශේෂවලට නිරාවරණය වී ඇති බවට සාක්ෂි තිබීම, අප ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බව පැවසීමට දැනටමත් තොරතුරු ප්‍රමාණවත්.” U.C ඩේවිස් පශු වෛද්‍ය විද්‍යාලයේ ව්‍යාධිවේදය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශක්තිකරණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෙකු වන මහාචාර්ය සයිමන් ඇන්තනි පවසනවා.
Langya වෛරසය හඳුනාගනු ලැබුවේ නැගෙනහිර චීනයේ මෑතදී සතුන්ට නිරාවරණය වූ උණ සහිත පුද්ගලයින් හරහා සිදුකළ නිරීක්ෂණ මඟිනි.

චීන විද්‍යාඥයින් ඔවුන්ගේ සොයාගැනීම් අගෝස්තු මස මුලදී New England Journal of Medicine හි ලිපියක් මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, 2018 – අප්‍රේල් සහ 2021 අගෝස්තු අතර චීනයේ Shandong සහ Henan පළාත්වලින් වෛරසය ආසාදනය වූ රෝගීන් 35 දෙනෙක් වාර්තා වී ඇති බව සඳහන් කළා.

රෝගීන්ගෙන් අතිමහත් බහුතරයක් උණ, තෙහෙට්ටුව, කැස්ස, ඔක්කාරය, හිසරදය සහ වමනය ඇතුළු රෝග ලක්ෂණ රාශියකට මුහුණ දුන් ගොවීන් වූ නමුත් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ බවට වාර්තා වන්නේ නැහැ.
“වාසනාවකට මෙන්, මෙම අවස්ථාවේ දී, මෙම වෛරසය – මේ අවස්ථාවේ – මිනිසුන් අතර පහසුවෙන් සම්ප්‍රේෂණය වන බවක් නොපෙනේ, ඉතින් මම හිතන්නේ අපිට මෙතනින් හුස්මක් ගන්න පුළුවන්.” Bernstein පවසනවා.
Langya හට ප්‍රධාන වශයෙන් කුඩා මීයන් වැනි සත්ව ධාරක කිහිපයක් ඇති බව පෙනෙන්නට ඇතැයි නව වෛරස් සහ වෛරස් පරිණාමය පිළිබඳ අධ්‍යයනය කරන මහාචාර්ය ඇන්තනි පවසනවා.

“ඔවුන්ට බලපාන විශේෂයන් වැඩි වන තරමට අනුවර්තනයන් සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. එම අනුවර්තනයන් නිසා කුමක් සිදුවේදැයි ඔබට අනාවැකි කිව නොහැකියි.” මහාචාර්ය සයිමන් ඇන්තනිගේ අදහසයි.
වෛරසයක් විශේෂ අතර සම්ප්‍රේෂණයේදී වර්ධනය වන ඕනෑම අහඹු විකෘතියක් මිනිසුන්ට හානියක් කරන්නේ නැහැ. නමුත් ඇතැම් රෝග කාරක වඩා සීඝ්‍රයෙන් බෝවීමට හෝ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමට හැකි බව SARS-CoV-2 පරිණාමය හරහා ලෝකය දුටු අතර ඇතැම් විට ඊටත් වඩා මාරාන්තික වීමට ද පුළුවනි.
Langya සම්බන්ධයෙන් ගත් කල, මේ වන විට සිටින රෝගීන් සංඛ්‍යාවට වඩා වැදගත් වන්නේ විවිධ විශේෂවලට පැතිරීමේ වෛරසයට ඇති හැකියාව බව Bernstein අවධාරණය කරනවා.
“රෝගීන් සුුළු පිරිසක් පමණයි. මෙය යම් ආකාරයක ගෘහාශ්‍රිත සතුන්ට බෝවීමට හේතු වන්නේ දැයි අපි දන්නේ නැහැ.” මහාචාර්යවරයා සැක පලකරනවා.

රෝගී සිද්ධි ගණන කුඩා වන අතර, මානව සම්ප්‍රේෂණය ක්‍රියා විරහිත වී එය COVID මට්ටමේ වසංගතයක් ඇති නොකරනු ඇතැයි මහාචාර්ය ඇන්තනි පවසනවා.
“ඒත් ඇයි මෝඩ වෙන්නේ? ඇයි අපි ඉදිරියේ ඇති තොරතුරු නොසලකා හරින්නේ?” ඔහු ප්‍රශ්න කරනවා. “එසේම අවම වශයෙන්, එයින් ඇති විය හැකි අවදානම් තේරුම් ගැනීමට වැඩි පර්යේෂණ අවශ්‍යයි.” මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
Langya ඉතා ඉක්මනින් විකෘති බිහිවීමට ප්‍රසිද්ධ RNA මත පදනම් වූ වෛරස් සමූහයක් වන paramyxoviruses පවුලට අයත්.

මෑත වසරවලදී මිනිසුන්ට සතුන් හරහා සම්ප්‍රේෂණය වූ paramyxoviruses අතලොස්සක් ඇති බව වෛරස් විද්‍යාඥ රයන් ට්‍රෝයර් පෙන්වා දෙනවා.
සියයට 75ක් දක්වා මරණ අනුපාතයක් ඇති, මොළයට හානි කරන වෛරසයක් වන Nipah වෛරසය ඒ අතරින් ප්‍රධානයි.
“COVID-19 ට පෙර සිදු වූ අනෙක් ඒවාට ඒ හා සමාන අවධානයක් නොලැබුණි,” ට්‍රෝයර් පවසනවා.
විද්‍යාඥයින් පවසන්නේ නව වෛරසය ස්වභාවධර්මයේ කෙතරම් පුළුල්ව පැතිරී ඇත්ද, එය මිනිසුන් තුළට පැතිරෙන්නේ කෙසේද සහ එය මිනිස් සෞඛ්‍යයට කෙතරම් භයානකද යන්න පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත යුතුව ඇති බවයි.
ආසාදන සොයාගෙන ඇති භූගෝලීය පරාසය සැලකීමේ දී මෙම ආසාදන අවදානම තරමක් පුළුල් බව හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ මලික් පීරිස්ගේ අදහසයි.

මෙම වෛරසය සතුන් සහ මිනිසුන් තුළ ඇත්දැයි චීනයේ සහ අසල්වැසි රටවල වෙනත් ස්ථානවල අධ්‍යයනයන් එකතු කරමින් “භූගෝලීය පරාසය සොයා ගැනීමට වැදගත්” බව ඔහු පෙන්වා දෙනවා.

නවතම සොයාගැනීම් මගින් හඳුනා නොගත් ආසාදන විශාල සංඛ්‍යාවක් වනජීවීන්ගෙන් මිනිසුන්ට පැතිර යන බවත්, මෙම වෛරසයට පමණක් නොව, වනජීවීන්ගෙන් මානවයාට වෛරස් ආසාදනය වීම පිළිබඳ පුළුල් චිත්‍රය තේරුම් ගැනීමට ක්‍රමානුකූල අධ්‍යයනයක අවශ්‍යතාවය ද ඉඟි කරන බව මහාචාර්ය මලික් පීරිස් අවධාරණය කරනවා.

මාරාන්තික කුරුලු උණ සිට මේ වනවිට ගෝලීය මානව වසංගතයක් බවට නම් කර ඇති වඳුරු උණ දක්වා සතුන් හරහා මිනිසාට සම්ප්‍රේෂණය වී වසංගතයක් බවට පත්වූ උදාහරණ රැසකි.

ගෝලීය වශයෙන්, නැගී එන බෝවන රෝගවලින් 70% ක් සතුන් සමඟ සම්බන්ධ වීමෙන් මිනිසුන් තුළට සම්ප්‍රේෂණය වී ඇතැයි සැලකෙනවා.

විද්‍යාඥයන් පවසන පරිදි වර්ධනය වන මිනිස් ජනගහනය වනජීවී වාසස්ථාන දක්වා ව්‍යාප්ත වීමත් සමඟ එය වේගවත් වී තිබෙනවා.
Covid-19 හේතුවෙන් අද වන විට ලොව පුරා මිලියන 6.4 කට වඩා වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර රෝගයේ විනාශකාරී බලපෑම් නව වෛරස් රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමේ වැදගත්කම සහ විභව අවදානම් පිළිබඳ තොරතුරු බෙදාගැනීමේ වැදගත්කම පෙන්නුම් කරනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...