26 C
Colombo
Saturday, May 18, 2024

පොහොට්ටුවේ ප්‍රභලයින් කිහිපදෙනෙක් දොට්ට

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ තනතුරුවල වෙනසක් සිදු කරන බව එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු පවසන්නේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂ මහ සමුළුවේදී ‍මෙම තනතුරු වෙනස් කිරීම් සිදු කරන බවයි.

විශේෂයෙන් පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ගනු ලැබූ දේශපාලන තීන්දුවලට එරෙහිව යමින් කටයුතු කළ දැනට පක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරු දරණ පුද්ගලයින් එම තනතුරුවලින් ඉවත් කිරීමටද එහිදී කටයුතු කරන බව සාගර කාරියවසම් මහතා සදහන් කරනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළා.

එහෙත්, එහිදී පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එරෙහිව වෙනත් මතයක පිහිටා කටයුතු කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...