33 C
Colombo
Sunday, May 5, 2024

චීනයෙන් එල්ලවිය හැකි වෛරස් ප්‍රහාරයක් ගැන තායිවානය බියෙන්

- Advertisement -

චීනය සමග පවතින අර්බුදය හමුවේ ඉදිරියේදී සිය රටට ජෛව විද්‍යාත්මක හෝ වෛරස් ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට තායිවානය සැකපළ කරයි.

එබැවින් තායිවානයේ කොවිඩ් රෙගුලාසි දැඩි කිරීමට තීරණය කර ඇත.

ඒ ලොව බොහෝ රටවල් කොරෝනා වෛරසය හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් පුරාවට පවත්වාගෙන ගිය කොවිඩ් රෙගුලාසි ලිහිල කරමින් සිටින පසුබිමක් තුලයි.

අමෙරිකානු කතානායිකා නැන්සි පෙලොසි ගේ තායිවාන සංචාරයෙන් පසුව චීනය මේ වන විට තායිවාන දේශ සීමාව ආසන්න මුහුදේ සහ අහසේ යුද අභ්‍යාසවල නිරතවීම හරහා සිය බලය විදහා පාමින් සිටී.

කෙසේ වුවත් තායිවානය සැකපළ කර සිටින්නේ කුමන අවස්ථාවක හෝ සිය රට ඉලක්ක කර ගනිමින් චීනය වෛරස් හෝ ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවයි.

මේ හේතුවෙන් තායිවානය විසින් වෛරසයන් ඇතුල්වීම වළක්වාලීම සඳහා පහත දැක්වෙන ක්‍රියා මාර්ග ගෙන ඇත.

  • පිටතින් පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට ආහාර පාන රැගෙන ඒම තහනම් කිරීම.
  • තායිවානයට පැමිණෙන පුද්ගලයින් එරට රජය විසින් නම් කරනු ලබන හෝටල් තුළ දින 03ක කාලයක් නිරෝධායනය වීම.
  • එලෙස පැමිණෙන පුද්ගලයින් ජෛව සාම්පල් පටල පරීක්ෂණ සඳහා ලබා ගැනීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ලබා දිය යුතුවීම.
  • තායිවානයට ඇතුල්වන පුද්ගලයින් එරට භාවිතයට ගැනෙන සිම් කාඩ්පතක් භාවිතා කිරිම අනිවාර්ය වේ.
  • තායිවානයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ආශ්‍රිතව නිරෝධායන බස් රථ සහ කුලී රථ පහසුකම් පවත්වාගෙන යෑම.

මේ අතර තායිවානය විසින් ඉකුත් වසරේදී සිය හමුදාවන් යොදා ගනිමින් හදිසි රසායනික ප්‍රහාරයක් හෝ ජීව විද්‍යාත්මක වෛරස් ප්‍රහාරයකට මුහුණ දිය යුතු ආකාරය පිලිබඳ පෙරහුරුවක් ද පවත්වා ඇතැයි වාර්තා වෙයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...