28 C
Colombo
Sunday, May 5, 2024

ළමා මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන් අංක 06 ට

- Advertisement -

දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනව.

එසේම ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පෝෂ්‍යදායි ආහාරවේලක් නොලැබීම සහ ආහාර මිලදීගැනීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙන් මෙරට පවුල් රැසක් දෛනික ආහාරවේල මගහරිමින් සිටින බවද එහි දැක්වෙනවා.

එමෙන්ම මීළඟ ආහාර වේල ලැබෙන්නේ කොතැනින්ද යන්න ගැන අවිනිශ්චිතව දරුවන් කුසගින්නේ නිදා ගැනීමට යන බවද ප්‍රකාශ කර ඇති යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් පවසන්නේ රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළ යාම ජනතාවගේ ආහාරවේලට ද දරුණු ලෙස බලපෑම් එල්ල කර ඇති බවයි.

දිනෙන් දින ආහාරවල මිල ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනවා.

වැඩිදුරටත් එම සංවිධානය පවසන්නේ, මෙරට ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක් ද පවතින බවයි.

එසේම කොරෝන අර්බුදය සමග වසර දෙකක් පමණ ඉගෙනුම් ක්‍රියාවලියට බාධා ඇති වී එය දැඩි ලෙස අඩාල වූ මිලියන 4.8ක ළමුන්ගේ අධ්‍යාපනය, පාසල් පැමිණීම, මෙලෙස ආහාර නොලැබීම නිසා යළි අනතුරට ලක්වීමේ අවදානමට මුහුණ දී ඇති බවයි යුනිසෙෆ් සංවිධානය පවසන්නේ.

මෙරට සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහතා පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කළ අතර, “ශ්‍රී ලංකාවේ මා දුටු දෙය දකුණු ආසියාවේ අනෙකුත් රටවලට අනතුරු ඇඟවීමක්” බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...