27 C
Colombo
Monday, May 6, 2024

බළල් අසූචි සහිත කෑම විකිණූ වෙළෙඳසැල් 30ක් වටලයි

- Advertisement -

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අංශය විසින් බළල් අසූචි සහිත මිනිස් පරිභෝජනයට නො සුදුසු ආහාර අලෙවි කරමින් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් තිහක් වටලා, නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, ඉකුත් 28 වැනි දා අදාල ප්‍රදේශයේ මහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමේ අරමුණින් කළ වැටලීමක දීයි.

ඒ අනුව, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර අදාල පියවර ගෙන ඇත්තේ, 1980 අංක 26 දරණ ආහාර පනතේ 32 වගන්තිය ප්‍රකාරව සාදන ලද 2011 ආහාර ස්වස්ථතා නියෝග කඩ කිරීම යටතේයි.

මෙම වැටලීම යටතේ දී අදාල පනත උල්ලංගණය කිරීමේ චෝදනාව ලද සැකකරුවන් කොළඹ අලුත්කඩේ සහ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, වරදේ ස්වභාවය මත රුපියල් පන්දහස, දහදහස සහ පහළොස් දහස වන පරිදි රුපියල් 82,500 ක දඩ මුදලක් වෙන් වෙන් වශයෙන් ඔවුන්ට නියම කර තිබෙනවා.

මේ අතර මෙම වැටලීමේ දී ඇතැම් වෙළෙඳ සැල්වල පිසූ ආහාර සමඟ මස් මාළු ශීතකරණවල ගබඩා කිරීම, මැසි මදුරුවන්ට වැසිය හැකි ආකාරයට වෙළෙඳසැල්වල ආහාර නිරාවරණය කර තිබෙනු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...