28 C
Colombo
Monday, May 6, 2024

සමෘද්ධි සහනාධාරය ඉහළට

- Advertisement -

වත්මන් ආර්ථික අර්බුදයෙන් දැඩිව පීඩාවට පත් පවුල් සඳහා සහන සැලසීමේ වැඩසටන් ක්‍රියාත්මක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඇස්තමේන්තු සහිත අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා,

“ආර්ථීක අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවර භාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ලෝක බැංකු ණය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 133ක් වෙන් කර තිබෙනවා.

ඒ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් මිලියන 3.2ක සඳහා කඩිනමින් සහාන සැලසීමේ අවශ්‍යතාවය මත මා විසින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට පෙර මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව මගින් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කටයුතු කරනවා. දැනට සමෘද්ධි සහනාධාර ලබන මිලියන 1.7ක් පමණ සඳහා මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5,000ත් 7,500 අතර වන ලෙස ප්‍රමාණයකින් වැඩිකර ලබාදෙනවා.

ඊට අමතරව සමෘද්ධි ලබාගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛණයේ සිටින 726,000ක් සඳහා මසකට රුපියල් 5,000ක තාවකාලික දීමනාවක් ලබාදීමට කටයුතු කළා. එමෙන්ම ආධාර ලබන වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා ගෙවනු ලබන දීමනාව මසකට රුපියල් 5,000 සිට රුපියල් 7,500 අතර ප්‍රමාණයකින් වැඩිකර ගෙවීමට කටයුතු කළා.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...