29 C
Colombo
Saturday, May 4, 2024

ගංවතුරෙන් බැට කන පාකිස්ථානය, ඉන්දියාවෙන් සහය ඉල්ලයි

- Advertisement -

සිය රටට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හමුවේ එළවලු ඇතුළු අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඉන්දියාවෙන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව පාකිස්ථාන මුදල් අමාත්‍යවරයා පවසනවා.

ඒ ගංවතුර තත්ත්වය හමුවේ පාකිස්ථානයේ වගා භුමි විශාල ප්‍රමාණයක් විනාශවී ඇති පසුබිමක් තුලයි.

කාශ්මීරයේ පාලනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියාව සමග සියලු වෙළෙද ගනුදෙනු අත්හිටුවීමට පාකිස්ථානය මිට තෙවසරකට පෙර තීරණය කරනු ලැබුවා.

කෙසේ වුවද පාකිස්ථාන මුදල් අමාත්‍යවරයා නැවත ඉන්දියාව දෙසට මිත්‍රත්වයේ දෑත් දිගු කර සිටින්නේ එරට සම්පුර්ණ භුමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් ගංවතුරෙන් යටවී ඇති පසුබිමක් තුළයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ද පාකිස්ථානයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා ඇත.

එහි දැක්වෙන්නේ පකිස්ථානයේ ගංවතුරෙන් සිදු වූ විනාශය දැකීමෙන් තමන් මහත් කණගාටුවට පත්වූ බවයි.

මෙම ස්වභාවික ව්‍යවසනයෙන් විපතට පත් වූවන්, තුවාල ලැබූවන් සහ විපතට පත් වූ සියලු දෙනාගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන අතර ඉක්මනින් යථා තත්ත්වයට පත් වීමට හැකිවෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එහි සඳහන්.

ගංවතුර තත්ත්වයෙන් මේ වන පුද්ගලයින් 1,130 කට අධික පිරිසක් මියගොස් ඇති අතර විපතට පත්ව ඇති පිරිස මිලියන 03කට අධික බව වාර්තා වෙයි.

ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන කාලගුණික විපර්යාසය නිසා මෙවන් තත්ත්වයකට පාකිස්ථානයට මුහුණ දීමට සිදුව ඇති බව එරට රජයේ බලධාරීන් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...