32 C
Colombo
Sunday, May 5, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදීම PCR පරීක්ෂණ

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කෝවිඩ් 19 වෛරසය අසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසී අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධමිමික දසනායක මහතා නිවේදනය කරනවා.
ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට උපදෙස් ලබා ගත් බවත් මේ වනවිට කෝවිඩ් 19 ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටී සහ ගමන් ගත් ස්ථාන සියල්ල විෂබීජානුහරණයට ලක් කර අවසන් බවත් දසනායක මහතා පවසනවා.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය අහඹු ලෙස තෝරා ගනිමින් PCR පරීක්ෂණ පවත්වන බවත් ඉදිරි දින කිහිපය තුළදී කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම PCR පරීක්ෂණයන්ට ලක් කිරීමට සෞඛ්‍ය අංශ සමග කටයුතු යොදා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කැමැතිනම් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ PCR පරික්ෂණයට ලක්වන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉල්ලීමක් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
මේ අතර, මීළඟ පාර්ලිමේන්තු රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට( 13 ) පස්වරු 2 ට රැස්වීමට නියමිතයි.
එහිදි කතානායකතුමා සහ පක්ෂ නායකයන් ගනු ලබන තීරණ අනුව පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මහ ලේකම් කාර්යමණ්ඩලය සූදානමින් සිටින බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...