28 C
Colombo
Monday, May 6, 2024

මෝල්කාරයාගේ ලාභය කෝටි 10,000යි; බදු ගෙවන්නේ ලක්ෂ 09 යි – මහින්දානන්ද

- Advertisement -

ඉතාමත් අවම ආදායම් බදු ගෙවන ව්‍යාපාරිකයන් පිරිසක් සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (31) දින පාර්ලිමේන්තුවේ දී හෙළිකර සිටියා.

කන්න දෙකකට රුපියල් බිලියන 100ක (කෝටි 10,000/ලක්ෂ 1,000,000) ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බවත් එම වී මෝල් හිමියා එක කන්නයකට බිලියන 50 ක ශුද්ධ ලාභයක් ලබා තිබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඔහු කන්නයකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් මිලදී ගෙන තිබෙන අතර රුපියල් අනූවට මිලදී ගත් වී රුපියල් 220 ට විකුණා ඇති බවත් එක කිලෝවකින් රුපියල් 70 ක ලාභයක් ලබා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරනවා.

එමෙන්ම, රේස් බුකි හිමියෙකුට අයත් ලිපිගොනුවක් ද තමා ගෙන්වා ගත් බවත් බිලියන 10 ක් ගෙවන්නැයි ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුව ලිපියක් ‍යොමු කර ඇති නමුත් ඔහු එය ගෙවන්නට නොහැකි බවට ලිපියක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිළිතුරු ලිපියක් යවා තිබෙන බවත් වසරකට පසු පරීක්ෂණයක් පවත්වා ඔහුගෙන් ලක්ෂ 10 ක් අය කරගෙන ඔහුගේ බදු ගොනුව වසා දමා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ හෙළිකර සිටියා.

තවද, එක් මත්පැන් බලපත්‍ර ලාභියෙකු මසකට ලක්ෂ පහළොවක විස්සක ශුද්ධ ලාභයක් ලබන නමුත් වසරකට බදු ලෙස ගෙවන්නේ ලක්ෂ දෙකක් හෝ තුනක් පමණක් බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෙක් වසරකට බදු ගෙවන්නේ පනස් දහසක් හෝ හැට අටදහසක් පමණක් බවත් මන්ත්‍රීවරයා පවසනවා.

රටේ තිබෙන ආදායම් ටික හරියට කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත් අයි.එම්.එෆ් මුදල් ලබා ගැනීමට අවශ්‍ය නොවන බවත් මෙවැනි දේ සිදු වෙද්දී ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉන්නේ කොහිදැයි ප්‍රශන කළ යුතු බවත් අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...