27 C
Colombo
Wednesday, May 8, 2024

අභියෝගය අතට ගමු..! – මෛත්‍රීපාල 

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1951 වසරේ සැප්තැම්බර් දෙවැනි දා කොළඹ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරඹෙන්නේ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ නායකත්වයෙන්.

සංවත්සර සම්මේලනය අද (02) පස්වරු 1.30ට මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

අපේකමට පණ දෙමු – අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උර දෙමු යන්න මෙවර එහි තේමාව වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර සම්මේලනයට සමගාමීව අද එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමද සිදු වනවා.

ඒ සදහා අද දිනයේ නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවද කැදවා ඇති අතර ඊයේ මධ්‍යම කාරක සභාවේදී අනුමත කරගත් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා එම කාරක සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිටුපස පක්ෂ සභාපතිවරයාගේ බලතල වැඩිකර ගැනීමේ අරමුණක් ක්‍රියාත්මක බවට මත පළ වුණා.

ඊයේ (01) මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යෝජිත සංශෝධන අතර පක්ෂය නියෝජනය කරමින් විධායක ජනාධිපතිවරයකු නො සිටින අවස්ථාවක පක්ෂ සභාපතිවරයා පත් කර ගැනීමේ බලය පවතින විධායක සභාවේ සංයුතියද සංශෝධනය කිරීමද ඇතුළත්ව තිබූ බව සදහන්.

ඒ අනුව විධායක සභාවේ දැනට 25ක්ව පවතින සංයුතිය 35ක් දක්වා ඉහළ නැංවීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.

එමෙන් ම දැනට ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 4ක් ලෙස පවතින සංයුතිය 7ක් දක්වා වැඩි කිරීමටත්, උප සභාපතිවරු 10ක් ලෙස ඇති සංයුතිය 14ක් දක්වා වැඩි කිරීමටත් යෝජනා කර ඇති බව වාර්තා වුණා.

එමෙන් ම නව සංශෝධන හරහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු, උප සභාපතිවරු, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික ඇතුළු තනතුරු ඉවත් කිරීමේ බලය සභාපතිවරයා වෙත පවරා ගැනීමටද යෝජනා වී තිබූ බව සදහන්.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඇතැම් යෝජනා සංශෝධනය කිරීමේ එකගත්වය මත ඊයේ මධ්‍යම කාරක සභාවේදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයට ඒකමතික අනුමැතිය හිමි වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...