27 C
Colombo
Monday, May 6, 2024

චීන නැවේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ රටට..! – ඇමති අමරවීර

- Advertisement -

පොහොර නෞකාව සම්බන්ධ ගැටලුව චීනය සමග පැවැති සබඳතා පළුදුවීමට හේතු වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත විධිමත් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“චීන පොහොර නැව සම්බන්ධ ලොකු ගැටලුවකට අපි මුහුණදෙනවා. මොකද එක පැත්තකින් අපි ජාත්‍යන්තර වශයෙන් කොහොමද කටයුත්ත සමතයකට පත්කර ගන්නේ කියලා අවධානය අපිට ඇවිල්ලා තියෙනවා. මොකද චීනය සමග තිබුණ හොඳ හිත පළුදු කරගත් ප්‍රධාන හේතුව මම හිතන්නේ මේ චීන පොහොර නැව සම්බන්ධයෙන්. මේ කටයුත්තේ වගකීම කාට පැවරුණත්, කාගේ අතින් අතපසුවීම් සිදුවුණත් දැන් මේකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ රටට. මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමුකරලා තියෙනවා. ගිය සතියේ මුදල් කමිටුවේ තීන්දු කළා මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යතුමාට මැදිහත්වෙලා මේ ගනුදෙනුව සාධාරණ විදියට හොඳ හිත පතුරුවා ගනිමින් විසඳන ආකාරය ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනාවක් දෙන්න.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...