32 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවේ සිටින සරණාගතයින් මෙරටට

- Advertisement -

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

මෙම කමිටුවේ ප්‍රධානත්වය ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහට හිමිව තිබෙනවා.

එහි සෙසු සාමාජිකයන් විගමන පාලක ජනරාල්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වේ.

යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා “ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ” (OFERR) ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (05) පැවැති සාකච්ඡාවේදි මෙම තීරණයට එළැඹිණි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 58,000ක් පමණ මේ වන විට සරණාගතයින් ලෙස රැඳී සිටින අතර එම පිරිස අතරින් 3800ක් පමණ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සූදානමින් සිටින බවත් එහිදී සඳහන් විය.

මේ වෙනුවෙන් චෙන්නායි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, අධිකරණ අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ හා ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ (OFERR) සී.එස් චන්ද්‍රහසන්, එස්. සූරියකුමාරී යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...