29 C
Colombo
Saturday, May 4, 2024

තෝරා ගත් පිරිසකගේ ඉන්ධන කෝටාව ඉහළට

- Advertisement -

මෙම සතියේ සිට තෝරා ගත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතනවලට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, විදේශීය සංචාරකයින් ඉන්ධන අවසරපත්‍රයක් හඳුන්වාදීම සහ වාහන නොවන කාණ්ඩයටද අදාළ ඉන්ධන ලබාදීමේ කෝටාව හඳුන්වාදීමට එළඹෙන සතියේ කටයුතු කරන බවයි.

මේ අතර, ලබන 15 වනදායින් පසුව පවතින තිරිගු පිටි හිඟය අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසනවා.

තුර්කියේ සිට තිරිගු පිටි ආනයනය කරන නමුත් තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 දක්වා ඉහළ ගියහොත් ග්‍රෑම් 450හේ පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදුවන බවත් ආපනශාලා හිමියන් පවසනවා.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා රජය කඩිනම් පියවර නොගන්නේ නම්, තමන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...