30 C
Colombo
Saturday, May 4, 2024

ජංගම දුරකථන ලොව කළඹවමින් ඇපල් iPhone 14 කරළියට (PHOTOS)

- Advertisement -

ඇපල් සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය ලෙස අයිෆෝන් 14 මාදිලිය එළිදක්වා තිබෙනවා.

ඒ අනුව iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro / iPhone 14 Pro Max යන වර්ග 04 ක් යටතේ මෙම දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

5G තාක්ෂණයේ වේගවත්ම අත්දැකීම ලබාගත හැකි මෙම ජංගම දුරකථනය චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් SOS පණිවුඩ සේවාවකින් සමන්විත වන අතර දැනට අමෙරිකාව සහ කැනඩාව තුළ පමණක් මෙම පහසුකම ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව හදිසි අවස්ථා වලදී චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කිරීමට iPhone පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනු ඇත.

මෙගාපික්සල් 48 කැමරාවකින්ද අයිෆෝන් 14 සමන්විත බව ඇපල් සමාගම නිවේදනය කරයි.

iPhone 14 & 14 Plu s – midnight, starlight, light blue, light purple, Red යන වර්ණ 05 කින්ද, iPhone 14 Pro and Pro Max space – black, gold, silver and deep purple වර්ණ 04 න්ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ.

iPhone 14 ඇමරිකානු ඩොලර් 799 ක ආරම්භක මිලකට ද , iPhone 14 Pro ඇමරිකානු ඩොලර් 999 ක ආරම්භක මිලකට ද අලෙවි වනු ඇති බව සඳහන්.

ඒ අනුව iPhone 14 ස්මාර්ට් දුරකථනය සැප්තැම්බර් මස 16 වන සිකුරාදා වෙළඳපොළට පැමිණීමට නියමිත අතර iPhone 14 Plus ස්මාර්ට් දුරකථනය ඔක්තෝම්බර් මස 07වන සිකුරාදා එළිදැක්වීමට නියමිතව ඇත.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...