30 C
Colombo
Saturday, May 4, 2024

අයිශ්වර්යා ගුරු මාරුව සිහි කරයි

- Advertisement -

ගුරු චිත්‍රපටය අමිල ස්මර්ණයක් යැයි පවසමින් අයිශ්වර්යා රායි සමාජ මාධ්‍ය ඔස්සේ තම මතකයන් හුවමාරු කරගෙන තිබෙනවා.

වසර 2007 දී එළිදැක් වූ ගුරු චිත්‍රපටයේ මංගල දර්ශනයේ සේයාරූ යළි මාධ්‍යට එක්කිරීමට අයිශ්ට බලපෑ ප්‍රධාන හේතුව වී තිබෙන්නේ තම ආදරණීය සැමියා වූ අභිෂේක්ගේ මංගලාරාධනාව සිදු වී තිබෙන්නේ ‘ගුරු’ මංගල දර්ශනය අතරේම වීමයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ අභිෂේක් පසුව අයිශ්ගේ පෙම්වතා බවට පත් වූ අතර ඇය මේ බව සිය සමාජ මාධ්‍ය පණිවුඩවල සඳහන් කර ඇත්තේ ‘ගුරු ෆෝරෙවර්’ යනුවෙනි.

ඉන්දියාවේ මහා ධනපති තිරුබානි අම්බානිගේ චරිතය පදනම් කරගෙන මනි රත්නරම් අධ්‍යක්ෂණය කළ ‘ගුරු’ ඒ.ආර් රහ්මාන්ගේ සංගීතයෙන් ඔපවත් වූ අතර මිතුන්, මාධවන් හා විද්‍යා බාලන් ද රංගනයෙන් දායක වූහ.

අරුණි ද සිල්වා 

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...