32 C
Colombo
Sunday, May 5, 2024

අජිත් ප්‍රසන්න ට ඇප

- Advertisement -

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නීතිඥ අජිත් ප්‍රසන්න ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.

ඒ මහතා වෙනුවෙන් ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කර ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කරන ලෙසත් නියෝග කර ඇත.

අජිත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තම සේවාදායකයා මින්මතුවට සාක්ෂිරුවන්ට බලපෑම් සිදුවෙන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය හරහා නිකුත් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින්  අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙන බවය.

තම සේවාදායකයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම යන කරුණු සුවිශේෂ කරුණු සේ සලකා ඔහු ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ද එකඟතාවය පළකර ඇති අතර ඒ අනුව අභියාචනාධිකරණය විසින් අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර ඇත.

කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කිරීම තුළින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...