29 C
Colombo
Saturday, May 4, 2024

විමල්ගේ උ.ල. වෙනම මැතිවරණයට තරඟ කරයි

- Advertisement -

ඉදිරි සෑම මැතිවරණයකදීම ‘උත්තර ලංකා සභාගය’ ලෙස අනිවාර්යයෙන්ම වෙනම තරඟ කරන බව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ, බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (9) පැවැත්වූ ‘උත්තර සභාගයේ’ පළමු මාධ්‍ය හමුව අමතමින්.

මෙම සභාගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කරගැනීමේ කිසිඳු අදහසක් නොමැති නමුත් එම පක්ෂයේ සිටින සුජාත භාවයක් ඇති, අපත්‍ය කෑමක් ගතහොත් ඔක්කාරයට එන ආකාරයේ, පිළිගත හැකි පිරිස් පැමිණියහොත් සාදරයෙන් පිළිගන්නා බව ද සභාපතිවරයා සඳහන් කරනවා.

එසේ වුවත් පැමිණෙන ඕනෑම අයෙක් උත්තර ලංකා සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනයට එකඟ විය යුතු බවයි හෙතෙම පවසන්නේ.

මෙම සභාගය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්වන්නේ නැද්දැයි මාධ්‍යවේදියකු මෙහිදී නැගූ පැනයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා පැවසුවේ එයඑහි නායකයන්ගෙන් ඇසිය යුතු බවයි.

මේ වෙලාවේ රට ඉබාගාතේ ගෙනයාම වරදක් බව කී මන්ත්‍රීවරයා අර්බුද සමනය වූ වහා මහ මැතිවරණයකට ගොස් ජනතාව කැමති නායකත්වයත් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බව ද ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...