29 C
Colombo
Saturday, May 4, 2024

චීනයේ නිවාස අඩස්සියේ අවස්ථා මිලියනය ඉක්මවා යා හැකි බවට වාර්තා

- Advertisement -

චීන ජනාධිපති ෂී ජින්පින්ග් යටතේ, නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නිවාස අඩස්සියේ තැබීම හෝ නේවාසික නිරීක්ෂණ තියුණු ලෙස ඉහළ ගොස් ඇති බව පර්යේෂණයක් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම පර්යේෂණට අනුව චීන මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තර්ජනය කිරීමට සහ නිශ්ශබ්ද කිරීමට නිවාස අඩස්සිය බොහෝ විට වැරදි ලෙස භාවිතා කරන බව පැවසේ.

අධිකරණ තීන්දු මත පදනම්ව, පර්යේෂකයන් ඇස්තමේන්තු කළේ පසුගිය දශකය තුළ පුද්ගලයින් 560,000 සිට 860,000 දක්වා නීත්‍යානුකූල නිවාස අඩස්සියේ තබා ඇති අතර තවත් බොහෝ අය නීති විරෝධී පාලනයන්ට යටත්ව සිටින බවයි.

පර්යේෂකයන්ගේ ඇස්තමේන්තුවලට අනුව වාර්තා නොකළ නිවාස අඩස්සියේ සිටින සංඛ්‍යාව නිල දත්ත ගබඩාවේ ඇති සිද්ධීන් සංඛ්‍යාව මෙන් අවම වශයෙන් තුන් ගුණයක් විය හැකි බව ද සදහන් වේ.

එබැවින් ඉදිරි වසර තුන තුළ යම් අවස්ථාවක දී නීත්‍යානුකූල අවස්ථා සංඛ්‍යාව මිලියන 1 ඉක්මවා යා හැකි බව අදාළ පර්යේෂණ කණ්ඩායම අනාවැකි පළ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...