28 C
Colombo
Sunday, May 5, 2024

ගිනිදන මන්නාරමට සිසිල දෙන ඉපැරණි බයෝබැබ් ගස

- Advertisement -

මන්නාරම කියන්නේ සංචාරයකදී දකින්න දෑ රාශියක් තියෙන ප්‍රදේශයක්. එක්තරා කාලයකදී යුද්ධය නිසාවෙන් තහනම් කලාපයක් වුණාට දැන් මන්නාරම සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්වෙලා. අතීතයේදී දඬුවමක් ලෙස ප්‍රසිද්ධියේ මිනිසුන් එල්ලා මැරෑ මන්නාරම් කොටුව හැරැනාම මන්නාරමේ බලන්න දේවල් තව බොහෝමයක් තියෙනවා.

මන්නාරම්පිටි වැල්ල සිපගෙන හමා එන මද නලෙහි මුසුව ඇති දාහය රටේ වෙනත් කොතැනකදිවත් නොදැනෙන තරම්. ඒ ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් ඇති නගරය මන්නාරම වන නිසයි.

එමෙන්ම ලංකාවේ අඩුම වර්ෂාපතනය ලැබෙන්නෙත් මන්නාරමටයි. ඒ වාර්ෂිකව මිලි මීටර 975ක්. කොතරම් ශුෂ්ක වූවත් මන්නාරම් ජනතාවට ඒ පරිසරය හුරැ පුරැදුයි. යටත් විජිත සමයේ පාලකයන් ඇති දැඩි කළ අශ්වයන්ට ඖෂධ තනාගැනීම සඳහා මැඩගස්කරයෙන් ගෙන්වා සිටවූ බයෝබැබ් නම් වූ මහා වෘක්ෂ අතරින් ඉතිරිවූ ගස තවමත් මන්නාරම් නගර මධ්‍යයේ දක්නට ලැබෙනවා. ලංකාවේ ඇති බයෝබැබ් ගස්වලින් වට ප්‍රමාණයෙන් වැඩිම ගස තිබෙන්නේ මන්නාරමේ. එහි වට ප්‍රමාණය අඩි 64යි, උස අඩි 24යි. එහෙම කිව්වාම තව බයෝබැබ් ගස් ලංකාවේ තියෙනවාද කියලා ඔබට හිතේවී. දැනට තියෙන තොරතුරැවලට අනුව බයෝබැබ් ගස් 40ක් විතර ලංකාව පුරා තියෙනවා. ඒ අතරින් මන්නාරම දිස්ත්‍රික්කයෙන් විතරක් බයෝබැබ් ගස් 34ක් හඳුනාගෙන ඇති බවයි කියන්නේ. ඒ බොහෝ ගස් අවුරැදු 300ත් 400ත් අතර පැරුණි ඒවා. අපි මේ බලන්න පැමිණි ගස මන්නාරම නගරයෙන් ඇතුළට තියෙන පල්ලිමුනෙයි පාරේ පුංචි දුරක් ගියාම දකින්න පුළුවන්. මේක තමයි ලංකාවේ පැරුණිතම බයෝබැබ් ගස.

ඒ වගේම විශාලම ගස ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව හා මැඩගස්කරයට ආවේණික වූ බයෝබැබ් වනස්පතීන් මෙරටට ගෙන්වා ඇත්තේ ලන්දේසීන් හා පෘතුගීසීන් විසින්. එකල මෙරට අශ්ව වෙළෙඳාම සරැවට සිදුකෙරැණා. ලංකාවේ විශාලතම අශ්ව ගහනය අදත් වෙසෙන්නේ යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ. අශ්වයන්ට බේත් හදන්න ගෙන ආ බයෝබැබ් ගස්වලින් කිහිපයක් අදත් ඩෙල්ෆ්ට් දූපතේ නිරැපද්‍රිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...