29 C
Colombo
Wednesday, May 8, 2024

මුළු බදු ආදායමෙන් 19% ක් දුම්වැටි හා මත්පැන් මගින්..!

- Advertisement -

පසුගිය 2021 වසරේ රජයේ සමස්ත බදු ආදායමෙන් 19% ක් ලැබී ඇත්තේ දුම්වැටි සහ මද්‍යසාර හරහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (20) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මේ අතර පවතින උද්ධමනකාරී වාතාවරණය තුළ දුම්වැටි සහ මද්‍යසාරවල සළකුණු කරන ලද මිල ගණන් වරින් වර වෙනස් කිරීම ප්‍රායෝගික ගැටළුවක් බවත්, එහිදී වඩාත් සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුරු අනාගතයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

2″021 වසරේ දුම්වැටි මගින් නිෂ්පාදන හා එකතු කළ අගය මත බදු රු. බිලියන 98 යි.

2021 වසරේ මත්පැන් මගින් සුරා බදු හා එකතු කළ අගය මත බදු ආදායම රු. බිලියන 150 යි.

ඒ අනුව 2021 වසරේ සමස්ත බදු ආදායමෙන් 19% ක් දුම්වැටි සහ මද්‍යසාර මගින් ලැබී ඇත.

දුම්වැටි සහ මද්‍යසාර සඳහා නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර එමඟින් තවදුරටත් ඉහළ බදු ආදායමක් ලබා ගත හැකි වනු ඇත.

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු ඒකක පදනමින්, දුම්වැටියේ දිග ප්‍රමාණය මත අය කරනු ලබයි.

එමෙන්ම මද්‍යසාර සඳහා සුරා බදු එහි සැර ප්‍රමාණය මත බදු අය කරයි.

මෙ නිෂාපාදන බදු හා සුරා බදුවලට අමතරව අලෙවිය මත 15% ක එකතුකළ අගය මත බද්දක් ද, 2022 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පිරිවැටුම මත 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ද අයකරනු ඇත.

ඊට අමතරව මෙම දුම්වැටි සහ මද්‍යසාර සඳහා 40% ක ඉහළම ආදායම් බදු අනුපාතයකට යටත් කර ඇත.

දුම්වැටි සහ මද්‍යසාර මත නව බදු ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳ විමර්ෂනය කරමින් පවතී.

කෙසේවුවද උද්ධමනය මත පැනවූ බදු ක්‍රමයක් යෝජනා කර තිබුණ ද මාසික උද්ධමන විචලනය වීම මත දුම්වැටි සහ මද්‍යසාරවලට සලකුණු කරන ලද මිල ගණන් වරින් වර වෙනස් කිරීම පිළිබඳ ප්‍රායෝගික ගැටළුවක් මතු වුවත්, ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇත.

එහිදී වඩාත් සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුර අනාතයේ දී මෙම අරමුණ ඉටු කිරීමට සූදානම්.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...