31 C
Colombo
Friday, May 3, 2024

දේපළ වෙළෙඳාම කඩා වැටීමෙන් චීන ආර්ථිකය අර්බුදයක

- Advertisement -

2022 අගෝස්තු මාසයේ සිට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මිල සහ ආයෝජන පහත වැටෙමින් පවතින බැවින් එහි සෘණාත්මක බලපෑමෙන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්ව තිබෙනවා.
එම බලපෑම කොතෙක් ද යත් මේ වසරේ දෙවන කාර්තුවේදී චීනයේ ආර්ථිකයේ හැකිලීමක් සිදු නොවූයේ යන්තමිනි.
සංවර්ධකයින්ගේ අතිරික්ත ණය කපා හැරීමට නියාමකයින් මැදිහත් වීමෙන් පසු 2020 සිට දේපල වෙළෙඳ අංශය අර්බුදයෙන් අර්බුදයට ඇද වැටී තිබෙනවා.

2020 අප්‍රේල් මාසයේ සිට චීනයේ ආර්ථිකය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති අතර ප්‍රධාන නගරවල COVID ආශ්‍රිත අගුලු දැමීම් සහ දේපළ වෙළඳාම් අංශයේ පසුබෑම් ඇතුළු සාධක හේතුවෙන් රටේ දළ දේශීය නිෂ්පාදිතය දෙවන කාර්තුවේදී 0.4% කින් පමණක් ප්‍රසාරණය වී තිබුණා.
උකස් නොගෙවා සිටීම සහ සංවර්ධකයින්ගේ මූල්‍ය තත්ත්වය කෙරෙහි විශ්වාසය තව දුරටත් පලුදු කිරීම නිසා, නිවාස මිල, විකුණුම් සහ ආයෝජන සියල්ල පහත වැටීම පෙන්නුම් කරන නිල දත්ත සමඟ චීනයේ දේපල වෙලඳපොලේ සංකූලතා අගෝස්තු මාසයේදී නරක අතට හැරුණා.

නිවාස ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමට සංවර්ධකයින් අරගල කරන බැවින් ලක්ෂ සංඛ්‍යාත නිවාස ගැනුම්කරුවන් පෙර-විකිණූ දේපල සඳහා උකස් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (NBS) දත්ත මත පදනම්ව රොයිටර්ස් විසින් ගණනය කිරීම් වලට අනුව, නව නිවාස මිල ගණන් පෙර මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 0.3% කින් පහත වැටී තිබෙනවා.
කුඩා නගරවල හීන වන ඉල්ලුම සහ දැඩි ලෙස ණයගැති සංවර්ධකයින්ගේ මන්දගාමී වැඩ අවසන් කිරීම් නිසා තත්ත්වය පත්ව ඇත්තේ වඩාත් නරක අතටයි.

පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මිල පහළ යෑම සියයට 1.3ක් ලෙස ගණනය කර ඇති අතර එය වසර 7කට පසු වාර්තා වූ දරුණුතම පහළ යෑමයි.
එමෙන්ම දේපළ වෙලෙඳාම් ක්ෂේත්‍රයේ අඛණ්ඩව සිව්වැනි මාසයේත් වාර්තා වූ හැකිලීම පෙන්වා දෙන්නේ දිගු කාලීන නිවාස ගැනුම්කරුවන්ගේ අකමැත්තයි.
දේපල ඒජන්සියේ ප්‍රධාන විශ්ලේෂකයෙකු වන Zhang Dawei රොයිටර් වෙත පවසා ඇත්තේ දේපළ වෙළඳාම් අංශය මෙම පසුබෑමට හේතුව සොයා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවයි.

අර්බුදකාරී තත්වයේ බලපෑම ලිහිල් කිරීම සඳහා, චීන බලධාරීන් නිවාස මිලදී ගැනීම් ලිහිල් කිරීම, කුඩා මූලික ගෙවීම්, උකස් පොලී අනුපාත අඩු කිරීම සහ නිවාසවල විකුණුම් මිල විශාල වශයෙන් අඩු කිරීම ඇතුළු තීරණ ගණනාවක් ගෙන තිබෙනවා.
බීජිං සහ ෂැංහයි වැනි පළමු පෙළ නගරවල සහ දෙවන පෙළ නගරවල වෙළඳපල ස්ථාවර කිරීමට සහ ගැනුම්කරුවන්ගේ විශ්වාසය යථා තත්වයට පත් කිරීමට චීන බලධාරීන් මීට වඩා වැඩි පියවරක් ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ෂැං පැවසීය.

සීමිත ද්‍රවශීලතාවය සහ දැඩි COVID සීමා කිරීම් හේතුවෙන් සංවර්ධකයින් පෙර විකුණන ලද නිවාස ව්‍යාපෘති තැනීම නැවැත්වීම නිසා ජුනි මස අග සිට රට පුරා ආරම්භ වූ උකස් වර්ජනයක් හේතුවෙන් මෙම ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසය හීන වී ඇත.
චීනයේ තවමත් දැඩි COVID-19 සීමා කිරීම් මෙන්ම රට තුළ නිතර නිතර අගුලු දැමීම් සිදු වනවා.
මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති විය හැකි පුලුල් අවදානම පිලිබඳ භීතිය ඉහල නංවමින්, රට පුරා බොහෝ නගරවල ජූලි මාසයේ උකස් වර්ජනයන් වේගයෙන් ව්‍යාප්ත වීම ආර්ථිකයේ අහිතකර සලකුණක් වුණා.

NBS දත්ත මත පදනම්ව රොයිටර් ගණනය කිරීම් වලට අනුව, බිම් ප්‍රමාණය අනුව දේපල විකුණුම් වසරින් වසර 22.58% කින් පහත වැටී ඇත්තේ පිට පිට හයවන මාසය තුළ ඉලක්කම් දෙකකින් පහත වැටෙමිනි. ජනවාරි-අගෝස්තු කාලය තුළ විකුණුම් වසරින් වසර 23.0% කින් පහත වැටී තිබෙනවා.
මෙම දත්ත නිකුත් කිරීමෙන් පසුව, ප්‍රධාන කොටස් වෙළඳපොලේ CSI නිශ්චල දේපල දර්ශකය 1.73% කින් පහත වැටුණු අතර Hong Seng Mainland Properties දර්ශකය 0.73% පහත වැටුණා.
චීනය පුරා නිම නොකළ ව්‍යාපෘති වැඩි වැඩියෙන් දිගු කාලීන ඇදගෙන යාමත් සමඟ මිල පහත වැටීම් අගෝස්තු මාසයේදී තවත් නගරවලට ව්‍යාප්ත විය.
NBS විසින් සමීක්ෂණය කරන ලද නගර 70 න් නගර 50 කම දේපල මිල ගණන් අගෝස්තු මාසයේ දී පහළ ගොස් තිබූ අතර ජුලි මාසයේදී මිල පහළ ගොස් තිබුණේ නගර 40ක පමණයි.

නිල දත්ත පෙන්වා දෙන පරිදි, නිවාස මිල ගණන් පිළිවෙලින් 0.2% සහ 0.4% කින් පහත වැටී ඇත.
මේ අතර, ING සමූහයේ කලාපීය පර්යේෂණ ප්‍රධානී Robert Carnell පැවසුවේ, “සංවර්ධකයින් සඳහා පළාත් පාලන සහාය ඇතිව නිම නොකළ දේපල ඉදිකිරීම් ව්‍යාපෘති සංචිතය සම්පූර්ණ කිරීමට යම් කාලයක් ගතවනු ඇති අතර, අනෙක් අතට, චීන කුටුම්භයන් විසින් දේපල ආයෝජනය කිරීම සලකා බැලීමට කාලය ගතවනු ඇති” බවයි.
ජූලි මාසයේදී 12.3% පහත වැටීමෙන් පසු අගෝස්තු මාසයේදී ආයෝජනය පෙර වසරට සාපේක්ෂව 13.8% කින් පහත වැටී ඇත. එය ජනවාරි-අගෝස්තු කාලය තුළ 7.4% අඩු වීමක්.
මේ අතර, දේපළ වෙළඳාම් අංශයෙන් ණය ඉල්ලුම පිරිහීම හේතුවෙන් මූල්‍ය පද්ධතිය තුළ අරමුදල් සහ ද්‍රවශීලතාවය අක්‍රිය වීමේ අවදානම වැඩි වෙමින් තිබෙනවා.

රාජ්‍ය බැංකු හතරේ සහ ජාතික විශාල බැංකු වල කෙටි කාලීන බිල්පත් මූල්‍යකරණය 2022 ජූලි මාසයේදී වසරින් වසර 148.0% සහ 102.7% කින් ඉහළ ගිය අතර, මෙම බැංකුවලින් කෙටි කාලීන සහ දිගු කාලීන ණයවල වර්ධන වේගය අඩු විය. එම මාසයේම, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු සඳහා ණය වර්ධනය ද සැලකිය යුතු ලෙස මෘදු වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් විසින් ණය ඉල්ලුම තවදුරටත් දුර්වල වී ඇති බව පෙන්නුම් කරන පසුබිමකයි.

මේ අතර, ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් අනුව, ගැටළු දිගටම පැවතුනහොත් චීනයේ දේපළ වෙළඳාම් ගැටළු අනෙකුත් ප්‍රධාන අංශ වෙත පැතිර යා හැකි බව පැවසුවා.

“කාලෝචිත හා ඵලදායී ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් සිදු නොවන්නේ නම්, දේපල වෙලඳපොලේ දුක්ඛිත තත්ත්වය දිගු වන අතර දේපල අංශය හා සම්බන්ධ තවත් අංශ කෙරෙහිද විවිධ බලපෑම් ඇති කරනු ඇති” යනුවෙන් ෆිච් විශ්ලේෂකයෝ සඳුදා නිකුත් කළ වාර්තාවක සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...