27 C
Colombo
Monday, May 6, 2024

සා‍පේක්ෂව අපේ සල්ලි බලවත්- ඉන්දීය මුදල් ඇමතිනිය

- Advertisement -

ඇමෙරිකානු ඩොලරය සමග අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව ඉන්දීය රුපියල තවමත් ඉතා හොඳින් රඳවාගෙන ඇති බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පවසයි.

අනෙකුත් මුදල් ඒකක තරම් උච්චාවචනයට හෝ අස්ථාවරත්වයට පත් නොවූ ඕනෑම මුදල් ඒකකයක් වේ නම් එය ඉන්දියානු රුපියල බවත්, ඉන්දියාව එය ඉතා හොඳින් රඳවාගෙන සිටින බවත් ඇය පවසා ඇත.

ඉන්දීය මහ බැංකුව සහ එරට රජය වත්මන් වර්ධනයන් පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ද ඇය පවසා තිබේ.

මුදල් අමාත්‍යවරියගේ මෙම ප්‍රකාශය සිදුවූයේ ඇමරිකානු මුදල් ඒකකයට සාපේක්ෂව රුපියල පහත වැටීමකට ලක්වීමත් සමඟ ය.

පසුගිය සිකුරාදා, ඉන්දියානු රුපියල ඩොලරයට සාපේක්ෂව 81.09 ක් ලෙස සටහන් වූයේ අවම වශයෙන් ශත 30 කින් පහත වැටීමත් සමගයි.

බ්‍රහස්පතින්දා, එය ශත 83 කින් පහත වැටී තිබුණි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා ඇති වූ භූදේශපාලනික සිදුවීම් හේතුවෙන් ලොව පුරා වත්මන් මුදල් අවප්‍රමාණය වෙමින් පවතී.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...