30 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දියාව ඩොලර් බිලියන 100 ක සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සූදානමක

- Advertisement -

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ව්‍යාපාර කිරීමේ පහසුව හේතුවෙන් වත්මන් මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ඩොලර් බිලියන 100 ක සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට පියවර ගනිමින් සිටින බව එර‍ට රජය පවසයි.

වර්ෂ 2021-22 දී, ඉන්දියාවට වාර්තා වූ ඉහළම විදේශ ආයෝජන ලෙස ඩොලර් බිලියන 83.6 ක් ලැබී තිබුණි.

මෙම සෘජු විදේශ ආයෝජන රටවල් 101 කින් පැමිණ ඇති අතර රට තුළ ප්‍රාන්ත 31 ක් සහ ක්ෂේත්‍ර 57 ක් හරහා එම ආයෝජනය සිදු කර තිබිණ.

මෑත වසරවල ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ව්‍යාපාර කිරීමේ පහසුව මත ඉන්දියාව ඩොලර් බිලියන 100 ක සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ මාවතේ ගමන් කරන බව එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශ නිවේදනයක දැක්වේ.

විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජය ලිබරල් සහ විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති අතර බොහෝ අංශ ස්වයංක්‍රීය මාර්ගයක් යටතේ සෘජු විදේශ ආයෝජන සඳහා විවෘත කර තිබේ.

වත්මන් මූල්‍ය වර්ෂයේ අප්‍රේල්-ජූනි කාලය තුළ ඉන්දියාවේ සෘජු විදේශ ආයෝජන කොටස් ගලා ඒම ඩොලර් බිලියන 16.6 දක්වා සියයට 6 කින් පහත වැටී ඇත.

2021-22 දී සෙල්ලම් බඩු ආනයනය ඩොලර් මිලියන 110 දක්වා සියයට 70 කින් අඩු වී ඇති අතර අපනයනය ඩොලර් මිලියන 326 දක්වා සියයට 61 කින් ඉහළ ගොස් තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...